• Chathura Ramanayake

ශ්‍රී ලංකාවට පළමු තරගයේදී මුණගැසෙන නැමීබියාවෙන් අත්දැකීම් සහිත සංචිතයක්


එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා වන නැමීබියානු සංචිතය අද දිනයේදී ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් අත්දැකීම් සහිත සංචිතයක් නැමීබියාව නම් කොට ඇත.


ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත නැමීබියානු සංචිතය මෙහෙයවනුයේ ගර්හාඩ් ඉරාස්මස් විසිනි. පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයන් ද ඇතුළුව යොවුන් හා අත්දැකීම් සහිත ක්‍රීඩකයන් රැසක් නැමීබියානු සංචිතයට ඇතුළත්ය.



පසුගිය වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී අයර්ලන්තය හා නෙදර්ලන්තය පරාජයට පත් කරමින් සුපිරි කණ්ඩායම් 12 අතරට පිවිසෙන්නට නැමීබියාව සමත් විය. මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු තරගයේදී ශ්‍රී ලංකාව සමගින් නැමීබියාව තරග වැදීමට නියමිතය.


පසුගිය වසරේ ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයන් අතුරින් නායක ඉරාස්මස්, ජේ ජේ ස්මිට්, ස්ටෙපන් බාර්ඩ්, ජෑන් ෆ්‍රයිලින්ක්, නිකොල් ලොෆ්ටි, රුබෙල් ට්‍රම්පෙල්මන්, ඩේවිඩ් වයිස් යන ක්‍රීඩකයන් මෙවරද නැමීබියානු සංචිතයට ඇතුළත් කොට ඇත.


නැමීබියා සංචිතය

Gerhard Erasmus (c), JJ Smit, Divan la Cock, Stephen Baard, Nicol Loftie Eaton, Jan Frylinck, David Wiese, Ruben Trumpelmann, Zane Green, Bernard Scholtz, Tangeni Lungameni, Michael van Lingen, Benirkengost, Benirken  , Lohan Louwrens, Helao Ya France.

3,508 views0 comments