• Chathura Ramanayake

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් පාකිස්තාන ප්‍රභලයෙකු ඉවතට !!!



ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයට පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්‍රිඩි ක්‍රීඩා නොකරන බවට වාර්තා වෙයි. ඒ අනුව එළඹෙන ජූලි මස 24වනදා ගාල්ලේදී ආරම්භ වන දෙවන ටෙස්ට් තරගය ශහීන්ට මග හැරෙනු ඇත.


පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ශහීන් අෆ්‍රිඩි මෙලෙසින් දෙවන ටෙස්ට් තරගයෙන් ඉවත්ව ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවති පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනීමේ කඩුලු 4ක්ද දවාගැනීමට ශහීන් අෆ්‍රිඩි සමත් විය.

989 views0 comments