• Chathura Ramanayake

ශ්‍රී ලංකාවට ඉදිරි වසර හතර තුළදී තුන්කොන් එක්දින තරගාවලියක්



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ පූර්ණ සාමාජිකත්වය හිමි රටවල ඉදිරි තරගාවලි කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව 2023-27 කාල සීමාවට අදාල ක්‍රිකට් තරග මෙම කාලසටහනට ඇතුළත්ය. පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් 12 මෙම කාලසීමාව තුළ ජාත්‍යන්තර තරග 777ක් ක්‍රීඩා කිරීමට නියමිතය. ඊට ටෙස්ට් තරග 173ක් එක්දින තරග 281ක් හා විස්සයි විස්ස තරග 323ක් ඇතුළත් ය. මීට ලෝක ටෙස්ට් ශූරතා තරගාවලි ද්විත්වයේ තරග, ICC ඉසව් මෙන්ම ද්විපාර්ශ්වික හා තුන්කොන් තරගාවලි ද ඇතුළත්ය.


මෙම කාලසටහනේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරගාවලි ඇරඹූයේ පසුගිය මැයි මසදී පැවති බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියෙනි. ඉන් අනතුරුව පැවති ඕස්ට්‍රේලියාව හා පාකිස්තානයට එරෙහි තරගාවලිද මීට ඇතුළත්ය. එළඹෙන වසරේ ජනවාරි මසදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලිය මෙම කාලසටහනට ඇතුළත් කොට ඇත. ඒ අනුව ජනවාරි මාසය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු ජාත්‍යන්තර තරගයක් මෙම කාලසටහන තුළ දක්වා නොමැත.


ශ්‍රී ලංකාව එළඹෙන වසරේදී ඇෆ්ගනිස්තානය, නවසීලන්තය, අයර්ලන්තය, පාකිස්තානය සමගින් තරගාවලි වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතය. ශ්‍රී ලංකාවට 2024 වසර කාර්‍යබහුල වර්ෂයක් බවට මෙම කාලසටහන අනුව පෙනී යයි. ඒ අනුව 2024 වසරේදී සිම්බාබ්වේ, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, ඉන්දියාව, එංගලන්තය, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් හා දකුණු අප්‍රිකාව සමගින් තරගාවලි පැවැත්වෙයි. මෙම කාල සටහන 2027 වසරේ අප්‍රේල් මාසය තෙක් සකස් කොට ඇත.


ශ්‍රී ලංකාව 2026 වසරේදී පාකිස්තානය හා එංගලන්තයට එරෙහිව තුන් කොන් එක්දින තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිතය. ඒ අනුව ශ්‍රී ලංකාව 2027 වසරේ අප්‍රේල් මාසය තෙක් එක්දින තරග 63ක්, ටෙස්ට් තරග 28ක් හා විස්සයි විස්ස තරග 60ක් ක්‍රීඩා කිරීමට නියමිතය.


ශ්‍රී ලංකා කණ්ඩායමේ තරගාවලි කාලසටහන


2023 වසර

ජනවාරි - ඉන්දියාවට එරෙහිව (Away) : ODI(3), T20(3)

ජනවාරි/පෙබරවාරි - ඇෆ්ගනිස්තානයට එරෙහිව(Home) : ODI(3)

මාර්තු/අප්‍රේල් - නවසීලන්තයට එරෙහිව (Away) : Test(2), ODI(3), T20(3)

අප්‍රේල් - අයර්ලන්තයට එරෙහිව (Home) : Test(1), ODI(2)

ජූලි - පාකිස්තානයට එරෙහිව(Home) : Test(2)


2024 වසර

ජනවාරි - සිම්බාබ්වේට එරෙහිව (Home) : ODI(3), T20(3)

ජනවාරි/ පෙබරවාරි - ඇෆ්ගනිස්තානයට එරෙහිව(Home) : Test(1), ODI(3)

පෙබරවාරි/මාර්තු - බංග්ලාදේශයට එරෙහිව (Away) : Test(2), ODI(3), T20(3)

ජූලි - ඉන්දියාවට එරෙහිව (Home) : ODI(3), T20(3)

අගෝස්තු - එංගලන්තයට එරෙහිව(Away) : Test(2)

සැප්තැම්බර් - නවසීලන්තයට එරෙහිව(Home) : Test(2)

සැප්තැම්බර්/ඔක්තෝබර් - බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව (Home) : ODI(3), T20(3)

නොවැම්බර් - නවසීලන්තයට එරෙහිව(Home) : ODI(3), T20(3)

නොවැම්බර්/දෙසැම්බර් - දකුණු අප්‍රිකාවට එරෙහිව(Away) : Test(2)


2025 වසර

ජනවාරි - නවසීලන්තයට එරෙහිව (Away) : ODI(3), T20(3)

ජනවාරි/පෙබරවාරි - ඕස්ට්‍රේලියාවට එරෙහිව(Home) : Test(2)

ජුනි/ජූලි - බංග්ලාදේශයට එරෙහිව (Home) : Test(2), ODI(3), T20(3)

අගෝස්තු/සැප්තැම්බර් - සිම්බාබ්වේට එරෙහිව (Away) : ODI(3), T20(3)

ඔක්තෝබර්/නොවැම්බර් - අයර්ලන්තයට එරෙහිව (Home) : ODI(3), T20(3)

නොවැම්බර් - පාකිස්තානයට එරෙහිව (Away) : ODI(3), T20(3)


2026 වසර


ජනවාරි - එංගලන්තයට එරෙහිව (Home) : ODI(3), T20(3)

මාර්තු - ඇෆ්ගනිස්තානයට එරෙහිව (Away) : ODI(3), T20(3)

මැයි/ජුනි/ජූලි - බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව (Away) : Test(2), ODI(3), T20(3)

අගෝස්තු - ඉන්දියාවට එරෙහිව(Home) : Test(2)

සැප්තැම්බර් - එංගලන්තයට එරෙහිව (Away) : ODI(3), T20(3)

ඔක්තෝබර්/නොවැම්බර් - පාකිස්තානයට එරෙහිව : T20(3), තුන්කොන් තරගාවලියක්(4), Test (2)

දෙසැම්බර් - ඉන්දියාවට එරෙහිව (Away) : ODI(3), T20(3)


2027 වසර


ජනවාරි/පෙබරවාරි : නවසීලන්තයට එරෙහිව (Away) : Test(2), ODI(3), T20(3)

පෙබරවාරි/මාර්තු : දකුණු අප්‍රිකාවට එරෙහිව(Home) : Test(2)


729 views0 comments