• Chathura Ramanayake

ශ්‍රී ලංකා යෞවනයන්ගෙන් පළමු ඉනීමට දැවැන්ත ලකුණු පුවරුවක් !!



සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය තෙවන දිනටත් ඊයේ පැවැත්විණි. ඩර්බිහිදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් එංගලන්ත යොවුන් පිළ පළමුව පන්දුවට පහරදීමට තීරණය කළහ.


ඒ අනුව පිටියට පිවිසෙන එංගලන්ත යොවුන් කණ්ඩායම ඊයේ දිනය අවසානයේදී කඩුලු 4කට ලකුණු 268ක් රැස්කිරීමට සමත් විය. එංගලන්තය වෙනුවෙන් මැතිව් හස්ට් පන්දු 189කදී හතරේ පහර 11ක් සමගින් ලකුණු 116ක්ද හැරී සිං ලකුණු 104ක්ද රැස්කළහ. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දුවිදු, සහන්, වනුජ හා රවීන් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් විය.


සිය පළමු ඉනීම වෙනුවෙන් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ උදෑසන තරගය ආරම්භ කරන විට කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 203ක් රැස්කොට සිටියහ. එහිදී ශෙවෝන් ඩැනියෙල් නොදැවී ලකුණු 92ක්ද පවන් පතිරාජ නොදැවී ලකුණු 37ක්ද රැස්කරමින් කඩුල්ලේ රැදී සිටියහ.


පවන් පතිරාජ ඊයේ දිනයේදී අර්ධ ශතකයක් වාර්තා ක්ස්ළ අතර ඔහුගේ ඉනීම ලකුණු 55කට සීමා කරන්නට බෙන්ජමින් ක්ලිෆ් සමත් විය. ශෙවෝන් හා පවන් අතර දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 160ක සබදතාවක් ගොඩ නැගුනි. රනුද සෝමරත්න ශ්‍රී ලංකා ඉනීමට ලකුණු 37ක් එක් කරන්නට ඊයේ දිනයේදී සමත් විය. ශ්‍රී ලංකා ඉනීමේ නැංගුරම බවට පත් වූ ශෙවෝන් ඩැනියෙල් ශතකයක් වාර්තා කරමින් ලකුණු 155ක් රැස්කොට සිටියදී දවාගැනීමට නැවත වරක් ක්‍රියාත්මක වූ බෙන්ජමින් ක්ලිෆ් සමත් විය.


විදෙස් රටකදී ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවකු රැස්කළ ඉහළම ලකුණු ගණන ශෙවෝන්ගේ පිත්තෙන් වාර්තා වද්දී ඔහුගේ ඉනිම හතරේ පහර 25කින් හා එක් හයේ පහරකින් වර්ණවත් විය. අනතුරුව නායක රවීන් ද සිල්වා හා විනුජ රන්පුල් හයවන කඩුල්ලට ලකුණු 110ක සබදතාවක් ගොඩනගන්නට විය. විනුජ රන්පුල් හතරේ පහර 7ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 65ක් රැස්කිරීමට සමත් විය.


ඊයේ දිනයට තරගය නතර කරන විට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 480ක් රැස්කොට තිබුණි. එහිදී නායක රවීන් ද සිල්වා හතරේ පහර 7ක් හා එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 65ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට වඩා ලකුණු 99ක් ඉදිරියෙන් පසුවෙයි.


එංගලන්ත යොවුන් පළමු ඉනීම : 381/10

මැතිව් හර්ට්ස් 116, හැරී සිං 104, ජේම්ස් සේල්ස් 52

රවීන් ද සිල්වා 2/56, දුවිදු රණතුංග 2/58, වනුජ සහන් 2/67


ශ්‍රී ලංකා යොවුන් පළමු ඉනීම : 480/8

ශෙවෝන් ඩැනියෙල් 255, රවීන් ද සිල්වා 65*, විනුජ රන්පුල් 65, පවන් පතිරාජ 55, අභිෂේක් ලියනාරච්චි 49

බෙන්ජමින් ක්ලිෆ් 2/85, බර්ටී ෆෝමන් 2/100

614 views0 comments