• Chathura Ramanayake

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම ජපානයට !!



ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම ලෝක බැඩ්මින්ටන් ශූරතා තරගාවලියට සහභාගී වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම අගෝස්තු මස 18(අද) දිවයිනෙන් පිටත් වීමට නියමිතය. ලෝක ශූරතා බැඩ්මින්ටන් තරගාවලිය එළඹෙන අගෝස්තු මස 22 සිට 28 දක්වා ජපානයේ ටෝකියෝහිදී පැවැත්වීමට නියමිතය.


අත්දැකීම් බහුල ක්‍රීඩක නිලූක කරුණාරත්න පිරිමි ඒකල තරග වටයට ක්‍රීඩා කිරීමට නියමිතය. බුවනෙක ගුණතිලක හා සචින් ඩයස් යන ක්‍රීඩකයන් යුගල ඉසව්ව වෙනුවෙන් තරග වැදීමට නියමිතය. එමෙන්ම තිලිණි හෙන්දහේවා හා සචින් ඩයස් මිශ්‍ර යුගල තරග ඉසව්ව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතය. තිලිණි හෙන්දහේවාට වීසා ගැටලුවක් පැන නැගී ඇති අතර ඇය නියමිත පරිදි තරගාවලියට එක් වුවහොත් සචින් ඩයස් සමගින් මිශ්‍ර යුගල ඉසව්වට තරග වදිනු ඇත.

33 views0 comments