• Chathura Ramanayake

ශ්‍රී ලංකා පැරා මළල ක්‍රීඩකයෝ ඉන්දියාවේදී පදක්කම් රැසක් දිනති !!!



ඉන්දියානු විවෘත ජාතික පැරා මළල ක්‍රීඩා තරගාවලියේදී රිදී පදක්කම් හයක් හා එක් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. තරගාවලිය අගෝස්තු මස 18 හා 19 යන දෙදින තුළ ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්විණි.


හෙල්ල විසිකිරීමේ ඉසව්වෙහි F 44-64 කාණ්ඩය යටතේ තරග වැදුනු පැරා ඔලිම්පික් ලෝකඩ පදක්කම් ලාභී සමිත දුලාන් මෙම තරගාවලියේදී මීටර් 65.27ක දක්ෂතාවයක් දක්වමින් රිදී පදක්කම දිනාගැනීමට සමත් විය.


යගුලිය විසි කිරීමේ F 54-56 කාණ්ඩයේ ඉසව්වෙහි රිදී පදක්කම දිනාගැනීමට තිසර ජයසිංහ සමත් වූ අතර ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 5.90කි. මීටර් 100 ඉසව්වෙහි T-42 කාණ්ඩය යටතේ තරග බිමට පිවිසි අනිල් ජයලත් තත්පර 12.59කින් එම ඉසව්ව අවසන් කරමින් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය. එම ඉසව්වෙහිම ලෝකඩ පදක්කම හිමි වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩක බුද්ධික ඉන්ද්‍රපාලටයි.


එමෙන්ම මීටර් 100 ඉසව්වෙහි T-44 තරගයේදී රිදී පදක්කම දිනාගැනීමට නුවන් ඉන්දිකට හැකි වද්දී මීටර් 400 T-44 තරගයෙන් රිදී පදක්කමක් දිනා දෙන්නට සමන් සුබසිංහට හැකිවිය. මීටර් 1500 T-44 ඉසව්ව වෙනුවෙන් තරග බිමට පිවිසි ප්‍රදීප් සෝමසිරි ද එම ඉසව්වෙහි රිදී පදක්කම දිනාගැනීමට සමත් විය.

43 views0 comments