• Shaminda Jayarathne

ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට පාපන්දු ලෝක කුසලානය නැරඹීම අහිමි වෙයිද?


තනි ක්‍රීඩාවක් වෙනුවෙන් පවත්වන ලබන ලොව විශාලතම ක්‍රීඩා තරඟාවලිය වන පාපන්දු ලෝක කුසලානය එළඹෙන නොවැම්බර් මාසයේදී කටාර් රාජ්‍යය කේන්ද්‍ර කොටගෙන ආරම්භ වීමට නියමිත වනවා.


නමුත් මේ වන විට ලෝක කුසලානය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් හට රූපවාහිනිය හරහා නැරඹීමට හැකි වේද යන්න ප්‍රශ්නයක් මතුවීම විශේෂත්වයක්. මෙවර පාපන්දු ලෝක කුසලානයේ දකුණු ආසියානු කලාපයට විකාශනය කිරීමේ අයිතිය අත්කර ගෙන තිබෙන්නේ නව රූපවාහිනී චැනලයක් වන Viacom 18 India යන චැනලයයි.


නමුත් තවමත් ශ්‍රී ලංකාවට මෙම චැනලය නොලැබී තිබීම මෙම අවධානම ඇති කිරීමට හේතු වී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ විකාශය ලබාදෙන සමාගමක් විසින් Viacom 18 India චැනලයේ විකාශන අ‍යිතිය ලබා ගැනීම හෝ ශ්‍රී ලංකාවේ චැනලයක් පාපන්දු ලෝක කුසලාන විකාශන අයිතිය ලබා ගැනීම සිදු නොකළහොත් බොහෝ දුරට රූපවාහිනිය ඔස්සේ පාපන්දු ලෝක කුසලානය නැරඹීම ප්‍රේක්ෂකයන් හට අහිමී වී යන්නට නියමිතයි.

270 views0 comments