• Shaminda Jayarathne

ශ්‍රී ලංකා ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුව වන යුපුන් අද දින තරඟ බිමේ!

පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟාවලියේ ශ්‍රී ලංකා ප්‍රධාන පදක්කම් බලාපොරොත්තුවක් ලෙසින් සැලකෙන යුපුන් අබේකෝන් අද දින මෙරට වේලාවෙන් සවස 3.45 ට පමණ මීටර් 100 ධාවන තරඟයේ මූලික වටය සඳහා සහභාගී වීමට නියමිතයි.


යුපුන් මෙම තරඟාවලියට සහභාගී වන ක්‍රීඩකයන් අතරේ මෙම තරඟවාරයේදී දැක්වූ කාලයන් අනුව තෙවන ස්ථානයේ පසු වීමත් විශේෂත්වයක්. ඔහු තත්පර 10 ට අඩුවෙන් මීටර් 100 ඉසව්ව අවසන් කළ ප්‍රථම මෙන්ම එකම දකුණු ආසියානුවාද වනවා.


මීට ප්‍රථමව පොදු රාජ්‍ය මණ්ඩලීය අවසන් තරඟයක් තත්පර 10 ට අඩුවෙන් නිමා කොට ක්‍රීඩකයෙක් ජයග්‍රහණය වාර්තා කළේ 2002 වර්ෂයේදී වීමද විශේෂත්වයක්. යුපුන් මේ වසරේදී තත්පර 9.96 ක කාලයක් වාර්තා කර ගනිමින් මීටර් 100 ඉසව්ව අවසන් කිරීමට සමත් වුණා. මේ නිසාවෙන්ම තම හොඳම රිද්මයට අවතීර්ණ වීම තුළින් මෙවර තරඟාවලිය තුළදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට යුපුන් අබේකෝන් හට ඉතාමත්ම හොඳ අවස්ථාවක් උදාවී තිබෙනවා.


කවරයේ ඡායාරූපය - www.thepapare.com

0 views0 comments