• Chathura Ramanayake

ශ්‍රී ලංකා පිතිකරුවන් වසර 30ක් ඉපැරැණි වාර්තාවක් බිදහෙලයි !!!



සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේදී වසර 30ක් ඉපැරැණි වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් විය. ඕස්ට්‍රේලියාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනීමේදී ලකුණු 554ක් රැස්කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත්කම් දැක්වීය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තාවක් පිහිට වූයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රි ලංකා කණ්ඩායම ටෙස්ට් ඉනීමකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමිනි.


මෙම ලකුණු පුවරුවට දිනේෂ් චන්දිමාල් ද්විත්ව ශතකයකින් හා සෙසු පිතිකරුවන් වූ දිමුත්, කුසල්, ඇන්ජලෝ හා කමිදු අර්ධ ශතක වලින් දායක විය.මින් පෙර 1992 වසරේදී ශ්‍රි ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 8ක් දැවී ලකුණු 547ක් රැස්කොට තිබුණි. කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවති එම තරගයේදී අසංක ගුරුසිංහ, අර්ජුන රණතුංග හා රොමේෂ් කලුවිතාරණ ශතක වාර්තා කිරීමට සමත් විය.


ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් ඉනීමක ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැස්කළ ඉහළම ලකුණු


2022දී ගාල්ල ක්‍රීඩාංගණයේදී ලකුණු 554/10

1992දී SSC ක්‍රීඩාංගණයේදී ලකුණු 547/8

2011දී SSC ක්‍රීඩාංගණයේදී ලකුණු 473/10

8 views0 comments