• Chathura Ramanayake

ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ විස්තර විචාරයේ වෙනසක් ?



සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලිය හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතය. තරගාවලියට එක්වන විස්තර විචාරක මඩුල්ලෙහි වෙනසක් සිදුකොට ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචිමාර්ග සදහන් කොට ඇත.


ඒ අනුව මින් පෙර විස්තර විචාරය වෙනුවෙන් එක්වීමට නියමිතව සිටි ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක බ්‍රෑඩ් හැඩින් වෙනුවට නවසීලන්ත හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ඩැනී මොරිසන් එක්වීමට නියමිත බව වාර්තා වෙයි. විස්තර විචාරය වෙනුවෙන් එක්වන සෙසු සාමාජිකයන් වනුයේ රොෂාන් අබේසිංහ, රසල් ආනල්ඩ්, ෆර්වීස් මහරුෆ් , අමීර් සොහයිල් හා HD ඇකර්මන්‍ ය.


එමෙන්ම තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා සංචිතය සමගින් එක්වී ඇත. ඕස්ට්‍රේලියානු තරගාවලියේදී කණ්ඩායම සමගින් එක්වී සිටි රොමේෂ් කලුවිතාරණ වෙනුවට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ තේරීම් කටයුතු වෙනුවෙන් එක්වී ඇත.

201 views0 comments