• Chathura Ramanayake

ශ්‍රී ලංකා පාකිස්තාන ඒකාබද්ධ ටෙස්ට් කණ්ඩායම !!!



සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලිය ඊයේ දිනයේදී නිමාවට පත් වූයේ එක් තරගය බැගින් ජයගෙන කණ්ඩායම් දෙකටම සම ශූරතාවය හිමිකර දෙමිනි. තරගාවලියේදී ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් පාකිස්තාන ශ්‍රී ලංකා ඒකාබද්ධ ටෙස්ට් කණ්ඩායමක් නිර්මාණය කිරීමට Creedanet අපි තීරණය කළෙමු. 


ඒ අනුව මෙම කණ්ඩායමේ නායකත්වය තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ බාබර් අසාම්ට හිමිවිය. කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙසින් පාකිස්තාන කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් කටයුතු කරනු ඇත. පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය කරා රැගෙන ගිය පාකිස්තාන ආරම්භක පිතිකරු අබ්දුල්ලා ශාෆික් මෙම ඒකාබද්ධ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙසින් කටයුතු කරයි.


ශ්‍රී ලංකාව වෙනුවෙන් පිත්තෙන් දස්කම් පෑ දිනේෂ් චන්දිමාල් ඒකාබද්ධ කණ්ඩායමේ මැදපෙළ ශක්තිමත් කරනු ඇත. එමෙන්ම තරගාවලියේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරියට මෙම කණ්ඩායමේ ස්ථානයක් වෙන්ව ඇත. මෙම කණ්ඩායම පාකිස්තාන ක්‍රීඩකයන් හයදෙනෙකුගෙන් හා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පස්දෙනෙකුගෙන් සමන්විතය.


පාකිස්තාන ශ්‍රී ලංකා ඒකාබද්ධ ටෙස්ට් කණ්ඩායම

අබ්දුල්ලා ශාෆික්

ඕෂධ ප්‍රනාන්දු

බාබර් අසාම් (C)

මොහොමඩ් රිස්වාන් (WK)

දිනේෂ් චන්දිමාල්

ධනංජය ද සිල්වා

රමේෂ් මෙන්ඩිස්

යසීර් ශා

මොහොමඩ් නවාස්

ප්‍රභාත් ජයසූරිය

නසීම් ශා


මෙම ක්‍රීඩකයන් තරගාවලියේ දැක්වූ දක්ෂතා


අබ්දුල්ලා ශාෆික්

තරග 2 / ලකුණු 189/ සාමාන්‍ය 63.0 / හොදම 160*


ඕෂධ ප්‍රනාන්දු

තරග 2 / ලකුණු 168/ සාමාන්‍ය 42.0 / හොදම 64


බාබර් අසාම්

තරග 2 / ලකුණු 271/ සාමාන්‍ය 67.75 / හොදම 117


මොහොමඩ් රිස්වාන්

තරග 2 / ලකුණු 120/ සාමාන්‍ය 30.0 / හොදම 40


දිනේෂ් චන්දිමාල්

තරග 2 / ලකුණු 271/ සාමාන්‍ය 90.33 / හොදම  94*


ධනංජය ද සිල්වා

තරග 2 / ලකුණු 176/ සාමාන්‍ය 44.0 / හොදම 109


රමේෂ් මෙන්ඩිස්

තරග 2 / ලකුණු 113/ සාමාන්‍ය 37.66/ හොදම 45* / කඩුලු 12 / හොදම 5-47


යසීර් ශා

තරග 2 / ලකුණු 71/ සාමාන්‍ය 23.66 / හොදම 27 / කඩුලු 9 / හොදම 3-83


මොහොමඩ් නවාස්

තරග 2 / කඩුලු 10 / හොදම 5-88


ප්‍රභාත් ජයසූරිය

තරග 2 / කඩුලු 17 / හොදම 5-82


නසීම් ශා

තරග 2 / කඩුලු 7 / හොදම 3-58

2,921 views0 comments