• Shahan Fernando

ශ්‍රී ලංකාවේ නවක වේගපන්දු අවිය දකුණු අප්‍රිකා T20 ලීග් වෙන්දේසියේදී ප්‍රභල කණ්ඩායමකට.

ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුසංඛ එළඹෙන දකුණු අප්‍රිකානු ලීග් තරගාවලිය වෙනුවෙන් එක් කොට ගැනුණි. SA20 තරගාවලිය සදහා වන ක්‍රීඩක වෙන්දේසිය මේ වන විටත් කේප්ටවුන්හිදී පැවැත්වෙයි.


තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ක්‍රීඩකයන් 533ක් ලියාපදිංචි වී සිටි අතර ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 30ක් ඇතුළත් විය. යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුසංඛ අද දිනයේදී ඩර්බන් සුපර් ජයන්ට්ස් හිමිකරුවන් විසින් මිළට ගනු ලැබීය.



දිල්ෂාන් මධුසංඛ ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 56කට ආසන්න මුදල් ප්‍රමාණයක් වෙනුවෙන් ඩර්බන් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එක් කොට ගැනුණි. ඩර්බන් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරණුයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ හිමිකරුවන් විසිනි.


වේගපන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුසංඛ පසුගිය ආසියානු කුසලාන තරගාවලියේ දී විශිෂ්ට දස්කම් පාන්නට සමත් වූයේ කඩුලු 6ක් දවාගනිමිනි.ඊට ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලිගේ කඩුල්ලද ඇතුළත් විය. මීට අමතරව දකුණු අප්‍රිකානු ලීග් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මේ වන විට තේරී පත්වූයේ මහීෂ් තීක්ෂණ පමණි

173 views0 comments