• Chathura Ramanayake

ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවන් ඉන්දියාවට එරෙහිව විශිෂ්ඨ ජයක් ලබයි

ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලිය අද දිනයේදී ආරම්භ විය.සිංගප්පූරුවේදී පැවැත්වෙන තරගාවලියේදී වත්මන් ආසියානු ශුරියන් වන ශ්‍රී ලංකා කණ්ඩායම A කාණ්ඩය යටතේ තරග වදියි.


තරගාවලියේ ආරම්භ දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට පිවිසියේ අසල්වැසි ඉන්දියාව සමගයි. මෙම තරගයෙන් ලකුණු 102ට 28ක් ලෙසින් විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමත් විය.


තරගයේ පළමු අර්ධයේදී ලකුණු 34-2ක් ලෙසින් පෙරමුණ ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දෙවන අර්ධයේදී තවත් ලකුණු 24ක් රැස්කළද ඉන්දීය ක්‍රීඩිකාවන් එන අර්ධයේදී රැස්කළේ එක් ලකුණක් පමණි.


තරගයේ තෙවන අර්ධයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 79-10ක් ලෙසින් ඉදිරියෙන් පසු වූ අතර තරගයේ නියමිත කාලය අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 102-14ක් ලෙසින් ඉන්දීය ක්‍රීඩිකාවන් පරාජයට පත් කිරීමට සමත් විය.


මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තර්ජිනී ශිවලිංගම් ලකුණු 72ක් රැස්කිරීමට විය. ශ්‍රී ලංකාව සහභාගී වන මීළග තරගය සැප්තැම්බර් 5වනදා පිලිපීනයට එරෙහිව පැවැත්වෙයි.


92 views0 comments