• Chathura Ramanayake

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ක්‍රීඩකයන් දෙදෙනෙකු කැදවයි !!



සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය එළඹෙන ජූලි මස 24වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. තරගය සදහා එක්වන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ වෙනස්කම් සිදුවීමට නියමිත බවට වාර්තා වෙයි.


ඒ අනුව කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ටෙස්ට් සංචිතයෙන් විවේකයක් ලබාදුන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක යළිත් කණ්ඩායමට කැදවා ඇත. එමෙන්ම පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළ මහීෂ් තීක්ෂණ ආබාධයක් හේතුවෙන් ටෙස්ට් සංචිතයෙන් ඉවත්ව ඇත.


මහීෂ් තීක්ෂණ වෙනුවට ලක්ෂිත මානසිංහ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැදවා ඇත. ලක්ෂිත මානසිංහ හා පැතුම් නිස්සංක යන ක්‍රීඩකයන් දෙදෙනාම අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වීමට නියමිතය.

0 views0 comments