• Chathura Ramanayake

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දැල්පන්දු ලෝක කුසලානයේ ස්ථානය තහවුරු කරගනී !!!


ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් තරගය අද දිනයේදී පැවැත්විණි. අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත් වූයේ හොංකොං කණ්ඩායමයි.


සිංගප්පූරුවේදී පැවැත්වෙන මෙවර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගෙන් හොංකොං කණ්ඩායම හමුවේ විශිෂ්ඨ ජයක් හිමිකරගැනීමට ශ්‍රි ලංකා ක්‍රීඩිකාවන්ට හැකිවිය. ආරම්භයේ සිටම තරගයේ පාලනය සියතට ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු අර්ධයේදී පෙරමුණ හිමිකරගත්තේ ලකුණු 17ට 7ක් ලෙසිනි.

දෙවන හා තෙවන අර්ධ දෙකෙහිදීම ලකුණු 15 බැගින් රැස්කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකිවද්දී එම අර්ධ දෙක තුළ ප්‍රතිවාදී හොංකොං ක්‍රීඩිකාවන් ලකුණු 09 බැගින් රැස්කළහ. තරගයේ අවසන් අර්ධය තියුණු මුහුණුවරක් ගත් අතර එම අර්ධයේදීද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඉරිදියෙන් පසුවූයේ ලකුණු 20ට 18ක් ලෙසිනි.


ඒ අනුව පළමු අවසන් පූර්ව තරගයෙන් ලකුණු 67ට 43ක් ලෙසින් විශිෂ්ඨ ජයක් හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සිය අපරාජිතබාවයද රැකගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය. තරගාවලියේ අවසන් මහා තරගය හෙට දිනයේදී පැවැත්වෙනු ඇත.


පසුගිය වර ආසියානු ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්, හොංකොං පිළට එරෙහිව ලද මෙම ජයග්‍රහණයත් සමගින් 2023 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලැබීය. ශ්‍රී

980 views0 comments