• Chathura Ramanayake

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද දිනයේදී තරග බිමට !!



22වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක උළෙල ඊයේ මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 11.30 ආරම්භ විය. ඒ අනුව නිළ වශයෙන් මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය ඇරඹුණු අතර තරගාවලිය අගෝස්තු මස 8 වැනිදායින් අවසන් වනු ඇත. තරගාවලියේ ශ්‍රී ලංකා ධජය රැගෙන යන ලැබූයේ බර ඉසිලීමේ ශූර ඉන්දික දිසානායක හා ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු විසිනි.


ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද දිනයේදී පොදුරද මඩුලු තරග බිමට පිවිසීමට නියමිතය. එම ඉසව් අතරට රග්බි කාන්තා හා පිරිමි ඉසව්, පැසිපන්දු , බැඩ්මින්ටන් , පිහුනුම් හා ජිම්නාස්ටික් ඇතුළත්ය. ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද දිනයේදී නවසීලන්ත රග්බි කණ්ඩායම සමගින් තරග වදින අතර කාන්තා රග්බි කණ්ඩායම එංගලන්තයට එරෙහිව තරග වැදීමට නියමිතය.


එමෙන්ම ශ්‍රී ලංකා කාන්තා රෝදපුටු පැසිපන්දු කණ්ඩායම ස්කොට්ලන්තයට එරෙහිවද පිරිමි කණ්ඩායම කෙන්යාවට එරෙහිව තරග වැදීමට නියමිතය. එමෙන්ම ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක අකලංක පීරිස් අද දිනයේදී මීටර් 50 සමනල ආර ඉසව්ව වෙනුවෙන් තරග වදිනු ඇත. අද දිනයේදී මිශ්‍ර බැඩ්මින්ටන් ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එක්වීමට නියමිත අතර ඔවුන් ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග වැදීමට නියමිතය.

0 views0 comments