• Chathura Ramanayake

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිව්දෙනෙකු T10 ලීගයේ ක්‍රීඩක කෙටුම්පතට !!!


අබුඩාබි T10 තරගාවලියේ හයවන අදියර එළඹෙන නොවැම්බර් මස 23වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලියට අදාල ක්‍රීඩක කෙටුම්පත එළඹෙන සැප්තැම්බර් 26වනදා පැවැත්වීමට නියමිතය. තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිව්දෙනෙකු ලියාපදිංචි වී ඇතු බවට T10 නිළ ට්විටර් ගිනුමෙහි දක්වා ඇත.



ඒ අනුව වේගපන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර හා දිල්ෂාන් මධුසංඛ යන ක්‍රීඩකයන් ද පැතුම් නිස්සංක හා අවිශ්ක ප්‍රනාන්දු යන ක්‍රීඩකයන් ද මෙවර ක්‍රීඩක කෙටුම්පතට ලියාපදිංචි වී ඇත. ක්‍රීඩක කෙටුම්පතට පෙරාතුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිපදෙනෙක්වම කණ්ඩායම් හිමිකරුවන් විසින් එක් කොට ගෙන ඇත.


එම ක්‍රීඩකයන් අතරට දසුන් ශානක, භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ෂණ, වනිදු හසරංග, මතීෂ පතිරණ යන ක්‍රීඩකයන් ඇතුළත්ය. ඒ අතුරින් මහීෂ්, භානුක හා දසුන් යන ක්‍රීඩකයන් තිදෙනාම චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතය.

118 views0 comments