• Chathura Ramanayake

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඔක්තෝබර් 10වනදා පළමු පුහුණු තරගයට !!!


මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතය. තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලැබීමේ තරග වටය එළඹෙන ඔක්තෝබර් මස 16වනදා ආරම්භ වන අතර පළමු තරගයේදී ශ්‍රී ලංකාව හා නැමීබියාව තරග වැදීමට නියමිතය.


ලෝක කුසලාන තරගාවලියට පෙර කණ්ඩායම් වලට පුහුණුවීම් වෙනුවෙන් පුහුණු තරග පැවැත්වෙයි. ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් අද දිනයේදී එම පුහුණු තරග කාලසටහන ප්‍රකාශයට පත් කොට ඇත. මෙම පුහුණු තරග වටය එළඹෙන ඔක්තෝබර් මස 10වනදා ආරම්භ වීමට නියමිතය.


ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග වටයේදී තරග 2කට ක්‍රීඩා කිරීමට නියමිතය. ඒ අතුරින් පළමු තරගය ඔක්තෝබර් මස 10වනදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවද දෙවන තරගය ඔක්තෝබර් මස 13වනදා අයර්ලන්තයට එරෙහිව ද පැවැත්වීමට නියමිතය.


458 views0 comments