• Chathura Ramanayake

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සුභදායී ආරංචියක් !!



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි විස්ස තරගාවලිය එළඹෙන අගෝස්තු මස 8වනදා සිට 15 වනදා තෙක් පැවැත්වෙන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කොට ඇත. මින් පෙර තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබුණේ අගෝස්තු මස 9වනදායි. ඒ අනුව තරගාවලියේ සියලු තරග කාලසටහන එක් දිනකින් ඉදිරියට පැමිණ ඇත.


මෙවර තරගාවලිය නම්කොට ඇත්තේ SLC SKYEXCH Invitational T20 League ලෙසිනි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය නොමිලයේ නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට හිමි වී ඇත. තරගාවලියේ සෑම දිනකම තරග 2බැගින් පැවැත්වෙන අතර තරග පැවැත්වෙන දිනවල පස්වරු 2ට ක්‍රීඩාංගණය වෙත ඇතුළු වීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට උදාවනු ඇත.


තරගාවලියට කණ්ඩායම් හතරක් තරග වදින අතර මූලික වටයේදී සෑම කණ්ඩායමක් සමගම තරග වදිනු ඇත. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගන්නා කණ්ඩායම් දෙක එළඹෙන අගෝස්තු මස 15වනදා අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.මෙම තරගාවලිය පැවැත්වීමේ අරමුණ වනුයේ ආසියානු කුසලාන හා ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීමයි.

0 views0 comments