• Chathura Ramanayake

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමත් ඉදිරි වසර දෙක තුළ කාර්‍යබහුල වෙයි !!!



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා තරගාවලි සැලසුමක් ඊයේ නිකුත් කොට තිබුණි. මෙම නව සැලසුමට ඇතුළත් තරග 2025 වසරේ අප්‍රේල් මාසය තෙක් පැවැත්වෙනු ඇත. වසර තුනක කාල සීමාව තුළ සෑම කණ්ඩායමකටම සිය රට තුළදී තරගාවලි 4ක් හා විදෙස් තරගාවලි 4 බැගින් ක්‍රීඩා කිරීමට සිදු වෙයි.


ඊයේ දිනයේදී ප්‍රකාශයට පත් කෙරුනු මෙම තරගාවලි සැලැස්මට ටෙස්ට් තරග 7ක්, එක්දින තරග 135ක් හා විස්සයි විස්ස තරග 159ක් ඇතුළත්ය. 2025 වසරේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සෑම කණ්ඩායමක්ම එක්දින තරග ඇතුළත් කාන්තා ICC ශූරතාවලියට ක්‍රීඩා කරනු ඇත.


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට දේශීය තරගාවලි 4ක් හා විදෙස් තරගාවලි 4කට ක්‍රීඩා කිරීමට සිදුවන අතර සෑම තරගාවලියකටම එක්දින තරග 3ක් හා විස්සයි විස්ස තරග 3ක් ඇතුළත්ය. මෙම නව කාන්තා තරගාවලි සැලසුමට රටවල් 10ක් ඇතුළත් අතර ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව හැර අන් සෑම කණ්ඩායමකටම එරෙහිව තරග වැදීමට නියමිතය.


පසුගිය ජුනි මස පැවති පාකිස්තාන තරග සංචාරය හා ඉන්දීය කණ්ඩායමේ ශ්‍රි ලංකා තරග සංචාරය ද මෙම කාලසටහනට ඇතුළත්ව ඇත. ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ වන විට තරගාවලි ද්විත්වයක් ක්‍රීඩා කොට ඇත. මීළග තරගාවලිය එළඹෙන ජනවාරි මස බංග්ලාදේශයට එරෙහිව මෙරටදී පැවැත්වීමට නියමිතය. නව කාන්තා තරගාවලි සැලැස්මට අනුව ශ්‍රී ලංකාවට තරග 48ක් ක්‍රීඩා කිරීමට සිදු වනු ඇත.


  • 2022 මැයි-ජූනි : පකිස්තානයට එරෙහිව (Away) (ODIs 3, T20Is 3)

  • 2022 ජුනි-ජූලි : ඉන්දියාවට එරෙහිව (Home) (ODIs 3, T20Is 3)

  • 2023 ජනවාරි: බංග්ලාදේශයට එරෙහිව (home) (3 ODIs, 3 T20Is)

  • 2023 ජුනි-ජූලි : නවසීලන්තයට එරෙහිව (home) (3 ODIs, 3 T20Is)

  • 2023 සැප්තැම්බර් : එංගලන්තයට එරෙහිව (away) (3 ODIs, 3 T20Is)

  • 2024 ජනවාරි : දකුණු අප්‍රිකාවට එරෙහිව (away) (3 ODIs, 3 T20Is)

  • 2024 ජූනි : බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව (home) (3 ODIs, 3 T20Is)

  • 2024 ජූලි-අගෝස්තු : අයර්ලන්තයට එරෙහිව (away) (3 ODIs, 3 T20Is)


74 views0 comments