• Chathura Ramanayake

ශ්‍රී ලංකා කණ්ඩායම වේලාසනින්ම ඕස්ට්‍රේලියාවට යයි.


මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 16වනදා ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතරට පිවිසීම වෙනුවෙන් පළමු වටයට ක්‍රීඩා කිරීමට මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය ඔක්තෝබර් 16වනදා නැමීබියාව සමගින් පැවැත්වෙයි.


ඕස්ට්‍රේලියාව තුළ තත්වයන්ට හුරුවීම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සතියකට පමණ පෙර ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිත බවට ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදී රෙක්ස් ක්ලෙමන්ටයින් වාර්තා කොට ඇත. ඒ අනුව එළඹෙන ඔක්තෝබර් මස 2වනදා ශ්‍රී ලංකා කණ්ඩායම මෙල්බන් බලා පිටත්ව යාමට නියමිතය.



වික්ටෝරියාහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පුහුණුවීම් කටයුතු සිදු කිරීමට නියමිතය. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ සිට කොළඹ SSC ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම මහනුවරදී සහභාගී වන පුහුණු සැසිය එළඹෙන 25වනදා ආරම්භ වනු ඇත.


ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 10 වනදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ද ඔක්තෝබර් 13වනදා අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ද සිය පුහුණු තරග ක්‍රීඩා කිරීමට නියමිතය.

5,479 views0 comments