• Chathura Ramanayake

ශ්‍රී ලංකා කණ්ඩායම අවතක්සේරු කළ බංගලාදේශ අධ්‍යක්ෂකට මහේලගෙනුත් ප්‍රතිචාර.



ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තීරණාත්මක ආසියානු කුසලාන තරගය අද රාත්‍රියේදී පැවැත්වීමට නියමිතය. තරගයට පෙර කණ්ඩායම් ද්විත්වයේම ක්‍රීඩකයන් හා කාර්‍යමණ්ඩල සාමාජිකයන් විසින් ප්‍රතිවාදීන් විවේචනය කරන ආකාරය දැකගත හැකිවිය


පසුගිය දා දසුන් ශානක ශකිබ් හා මුෂ්ටෆිසර් හැරුනු විට බංග්ලාදේශය සතුව ලෝක මට්ටමේ පන්දු යවන්නන් නොමැති බව සදහන් කළේය. ඊට පිළිතුරු දක්වමින් බංග්ලාදේශ කණ්ඩායමේ අධ්‍යක්ෂ කලීඩ් මහමුඩ් ප්‍රකාශ කළේ ශකිබ් අල් හසන් හා මුෂ්ටෆිසර් රහ්මාන්ගේ තත්වයේ තරම්වත් පන්දු යවන්නන් ශ්‍රී ලංකාව සතුව නොමැති බවයි.


කලීඩ් මහමුඩ්ගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන සිය ට්විටර් ගිනුමෙහි සටහනක් තබා ඇත.


"ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තමාගේ මට්ටම පෙන්වීමට සහ පිටියේ සිටින අය කවුරුන්ද යන්න පෙන්වීමට පිතිකරුවන්ට කාලය පැමිණ ඇති බවයි."



17,326 views0 comments