• Shaminda Jayarathne

ශ්‍රී ලංකා එංගලන්ත පළමු තරගය සදහා වන එංගලන්ත යොවුන් පිළ නම් කෙරේ

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය හෙට(21) දිනයේදී ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ පළමු ටෙස්ට් තරගය වෙනුවෙන් ක්‍රීඩකයන් 13 දෙනෙකුගෙන් සමන්විත එංගලන්ත සංචිතය ප්‍රකාශයට පත් කොට ඇත.


බෙන් මැකින්නිගේ නායකත්වයෙන් යුතු එංගලන්ත කණ්ඩායමට අවසන් වූ එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ඇතුළත්ය. ඒ අනුව ජෝජ් බෙල්, ටොම් ඇස්පින්වෝල්, ඇලෙක්ස් හූටන් යන ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් මෙම කණ්ඩායමට ඇතුළත් ය.


රෙහාන් අහමඩ්, සොනී බේකර්, ජේම්ස් රෙව්,ජැකොබ් බෙතෙල්, ටොම් ප්‍රෙස්ට්, ජේම්ස් සේල්ස් යන ක්‍රීඩකයන් කිහිපදෙනෙකු මෙම ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකරයි. රෝයල් ලන්ඩන් කුසලාන තරගාවලිය හා හන්ඩ්‍රඩ් තරගාවලියේ මූලික වටයේ තරග වෙනුවෙන් මොවුන් කිහිපදෙනෙකු ක්‍රීඩා කරන අතර එඅ තරග අවසානයේදී ඔවුන්ව සංචිතයට කැදවීමේ ඉඩක් පවතී.


පළමු ටෙස්ට් තරගයට නම් කළ එංගලන්ත සංචිතය


Ben McKinney (captain), Tom Aspinwall , George Bel, Tommy Boorman , Ben Cliff , Bertie Foreman, Alex Horton, Matthew Hurst, Eddie Jack, Dominic Kelly, Ben Parker, Harry Singh, Ross Whitfield

36 views0 comments