• Chathura Ramanayake

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන තරගයට සූදානම් වන සාජා පිටියේ විස්සයි විස්ස ඉතිහාසය



ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර තරඟ වටය අද සාජාහි දී ආරම්භ වීමට නියමිතය. විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වෙන මෙවර තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර තරග වටයේ පළමු තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් ඇෆ්ගනිස්තාන කණ්ඩායම තරග වැදීමට නියමිතය. තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉතිහාසගත විස්සයි විස්ස වගතුග පිළිබඳව Creedanet අප ගෙන එන සටහනක් මෙතැන් පටන්..


සාජා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පළමු වරට ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයකට සත්කාරකත්වය ලබා දෙනුයේ වසර 2013දීය. එතැන් පටන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 27කට සාජා ක්‍රීඩාංගණය සත්කාරකත්වය දරා ඇත. ඊට 2021 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තරග කිහිපයක් ද ඇතුලත් විය.සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පළමුව පන්දුවට පහර දුන් කණ්ඩායම තරග 17ක් ජයගෙන ඇති අතර හබාගොසින් තරග 10ක් ජයගන්නට දෙවනුව පන්දුවට පහර දුන් කණ්ඩායමට හැකිව ඇත.


අද තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක අතුරින් සාජා තණතීරුවේ වැඩිම අත්දැකීම් සහිත කණ්ඩායම වනුයේ ඇෆ්ගනිස්තානයයි. ඔවුන් සාජා ක්‍රීඩාංගණයේදී ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 14කට ක්‍රීඩා කොට ඇති අතර ඉන් තරග 11ක් ජයගැනීමට සමත් වී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම සාජා ක්‍රීඩාංගණයේදී ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 4ක් ක්‍රීඩා කොට ඇති අතර ඉන් තරඟ 2ක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත.


සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විස්සයි විස්ස ඉනීමක් තුළදී වැඩිම ලකුණු රැස්කොට ඇත්තේද ඇෆ්ගනිස්තාන කණ්ඩායමයි. ඔවුන් 2016 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක් දැවී ලකුණු 215ක් රැස්කිරීමට සමත් වූහ. මෙම ක්‍රීඩාංගණයේ හොදම පන්දු යැවීම හා ඉනීමක් තුළ රැස්කළ ඉහළම ලකුණු ගණනද වාර්තා කොට ඇත්තේ ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් ය. සාජා ක්‍රීඩාංගණයේදී සිම්බාබ්වේ ක්‍රීඩක මොහොමඩ් ශෙෂාඩ් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 116ක් රැස්කළ අතර සයිමුල්ලා ශින්වාරි කෙන්යානු කණ්ඩායමට එරෙහිව ලකුණු 13කට කඩුලු 5ක් දවාගෙන ඇත.


නමුත් සාජා තණතීරුවේ සාර්ථකම හඹායාම සිදුකොට ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. පසුගිය වසරේ ලෝක කුසලාන තරගාවලියේ තරගයකදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක් දැවී ලකුණු 172ක් රැස්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. සාජා තණතීරුවේ පළමු ඉනීමෙහි පිතිකරණ සාමාන්‍ය ලකුණු 143ක් වැනි අගයක් ගන්නා අතර පන්දුවාරයකදි රදවාගෙන ඇති දළ ලකුණු වේගයඩුබායි තණතීරුවේ පළමු ඉනීමෙහි පිතිකරණ සාමාන්‍ය ලකුණු 151ක් වැනි අගයක් ගන්නා අතර පන්දුවාරයකදි රදවාගෙන ඇති දළ ලකුණු වේගය 7.31ක් වැනි අගයක් ගනී. මෙම ක්‍රීඩාංගණයේ ඕනෑම කඩුල්ලක් සදහා වන පිතිකරණ සාමාන්‍ය ලකුණු 21.11ක් ලෙසින් සටහන් වෙයි.



සාජා ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර විස්සයි විස්ස දත්ත


තරග - 27

කාසියේ වාසිය ජයගත් කණ්ඩායම ලද ජයග්‍රහණය - 15

පළමුව පන්දුවට පහර දුන් කණ්ඩායම ලද ජයග්‍රහණ - 17

ඉනීමක හොදම ලකුණ - අහමඩ් ශෙෂාඩ් (118*)

ඉනීමක හොදම පන්දු යැවීම - සමිඋල්ලා ශින්වාරි (5/13)

කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණ - ඇෆ්ගනිස්තානය (ලකුණු 215 කඩුලු 6කට)

සාර්ථකම හබායාම - ශ්‍රී ලංකාව (ලකුණු 172 කඩුලු 5කට)

හොදම සබදතාවය - ෆකර් සමාන් හා මොහොමඩ් රිස්වාන් (ලකුණු 116)



52 views0 comments