• Chathura Ramanayake

ශ්‍රී ලංකා ආසියානු කුසලාන සංචිතය ක්‍රීඩකයන් 17ක් තෙක් අඩු කෙරේ



එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය පසුගියදා නිවේදනය කෙරිණි. ඊට ක්‍රීඩකයන් 20 දෙනෙකු ඇතුළත් විය. ඉන් අනතුරුව වේගපන්දු යවන්නන් වූ දුෂ්මන්ත චමීර, කසුන් රාජිත හා බිනුර ප්‍රනාන්දු ආබාධයන්‍ට ලක්වීම හේතුවෙන් ඔවුන්ව සංචිතයෙන් ඉවත් කෙරිණි.


එම ක්‍රීඩකයන් වෙනුවට ප්‍රමෝද් මදුෂාන්, අසිත ප්‍රනාන්දු හා නුවන් තුෂාර ශ්‍රී ලංකා සංචිතයට කැදවීය. නමුත් තරගාවලිය වෙනුවෙන් නම් කෙරුණු ක්‍රීඩකයන් විසිදෙනා අතුරින් 17 දෙනෙකු පමණක් ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා ගමන් කිරීමට නියමිතය.


ඒ අනුව දිනේෂ් චන්දිමාල්, නුවනිදු ප්‍රනාන්දු හා නුවන් තුෂාර යන ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගමන් නොකරනු ඇත. ඔවුන් තිදෙනා අතිරේක ක්‍රීඩිකයන් ලෙසින් රැදිසිටියි.


ශ්‍රී ලංකා ආසියානු කුසලාන සංචිතය

දසුන් ශානක (නායක)

පැතුම් නිස්සංක

ධනුෂ්ක ගුණතිලක

චරිත් අසලංක

කුසල් මෙන්ඩිස්

භානුක රාජපක්ෂ

අශේන් බණ්ඩාර

චාමික කරුණාරත්න

වනිදු හසරංග

මහීෂ් තීක්ෂණ

දිල්ෂාන් මධුසංඛ

ප්‍රවීන් ජයවික්‍රම

ධනංජය ද සිල්වා

ජෙෆ්‍රි වැන්ඩසේ

අසිත ප්‍රනාන්දු

ප්‍රමෝද් මදුෂාන්

මතීෂ පතිරණ

2,849 views0 comments