• Chathura Ramanayake

ශුබ්ම්න් ගිල් , සචින් ටෙන්ඩුල්කාර්ගේ වාර්තාවක් බිදහෙලයි !!!



ශුබ්ම්න් ගිල් ඊයේ දිනයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව සුවිශේෂී ශතකයක් වාර්තා කිරීමට සමත් විය. හරාරේහිදී පැවති තෙවන එක්දින තරගයේදී සිය මංගල එක්දින ශතකය වාර්තා කරන්නට ශුබ්ම්න් ගිල් සමත් විය. ඔහු පන්දු 97ක් තුළදී ලකුණු 130ක් රැස්කළ අතර එම ඉනීම හතරේ පහර 15කින් හා එක් හයේ පහරකින් වර්ණවත් විය.


ශුබ්ම්න් ගිල් පන්දු 82කදී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ අතර ඉන්දීය ඉනීම කඩුලු 7කට ලකුණු 289ක් තෙක් ඔසවා තබන්නට ඔහු ලකුණු 130කින් දායක විය. මෙම ශතකයත් සමගින් වසර 24ක් ඉපැරැණි සචින් ටෙන්ඩුල්කාර් සතු වාර්තාවක් බිදහෙලන්නට ශුබ්ම්න් ගිල් සමත්කම් දැක්වීය. එම වාර්තාව වනුයේ සිම්බාබ්වේ දේශයේදී ඉන්දීය පිතිකරුවකු එක්දින ඉනීමක් තුළ රැස්කළ ඉහළම ලකුණු වාර්තාවයි.


මින් පෙර ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් 1998 වසරේ බුලවායෝහිදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පන්දු 130කදී නොදැවී ලකුණු 127ක් රැස්කොට තිබුණි. ඊයේ දිනයේදී මෙම වාර්තාව බිදහෙලන්නට විසි දෙහැවිරිදි වියෙහි පසුවන ශුබ්ම්න් ගිල්ට හැකිවිය.


සිම්බාබ්වේහිදී ඉන්දීය පිතිකරුවකු රැස්කළ ඉහළම එක්දින ලකුණු


  • ශුබ්ම්න් ගිල් - පන්දු 97කදී ලකුණු 130(2022, Harare)

  • සචින් ටෙන්ඩුල්කාර් - පන්දු 130කදී නොදැවී ලකුණු 127 (1998, Bulawayo)

  • අම්බති රයුදු - පන්දු 133කදී නොදැවී ලකුණු 124 (2015, Harare)

  • යුවරාජ් සිං - පන්දු 124කදී ලකුණු 120 (2005, Harare)

  • ශිකර් ධවාන් - පන්දු 127කදි ලකුණු 116 ( 2013, Harare)

  • විරාට් කෝලි - පන්දු 108කදී ලකුණු 115 ( 2013, Harare )


2,759 views0 comments