• Chathura Ramanayake

ශතක දෙකක් වාර්තා වූ ලෙජන්ඩ්ස් ලීගයේ පළමු තරගයේදී තිසර පන්දුවෙන් දස්කම් දක්වයි.


දෙවන වරටත් පැවැත්වෙන ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ(17) කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම තරගය වෙනුවෙන් ජැක් කලිස්ගේ නායකත්වයෙන් යුතු ඉන්දියා කැපිටල්ස් කණ්ඩායම හා විරේන්ද්‍ර ශෙවාග්ගේ නායකත්වයෙන් යුතු ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායම තරග වැදුනි.


තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායමේ ආරාධනය පිළිගෙන පිටියට පිවිසෙන ඉන්දියා කැපිටල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 7කට ලකුණු 179ක් රැස්කළහ.ඉන්දියා කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක් දියත් කළ හිටපු කොදෙව් ක්‍රීඩක ඈෂ්ලි නර්ස් පන්දු 43කදී හතරේ පහර 8ක් හා හයේ පහර 9ක් සමගින් වේගවත් නොදැවුනු ලකුණු 103ක් රැස්කිරීමට සමත් විය. කඩුලු රකින දිනේෂ් රම්දින් ලකුණු 31ක් රැස්කලේය.



පන්දු යැවීමේදී හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක තිසර පෙරේරා පන්දුවාර 3කදී ලකුණු 16කට කඩුලු 2ක් දවාගත් අතර රයාඩ් එම්‍රිට් හා KP අපන්නා කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් විය. ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 18 පන්දු 4කදී කඩුලු 7ක් වැයකරමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.


ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කෙවින් ඕබ්‍රයන් පන්දු 61කදී හතරේ පහර 15ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 107ක් රැස්කළ අතර පාතිව් පටෙල් ලකුණු 24ක් රැස්කළේය. පන්දු යැවීමේදී ඉන්දියා කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් ප්‍රවීන් තම්බේ ලකුණු 28කට කඩුලු 3ක් බිදහෙලීය. තරගයේ වීරයා ලෙසින් ශතකයක් රැස්කරමින් කඩුල්ලක්ද දවාගත් ඈෂ්ලි නර්ස් සම්මාන ලැබීය

6,390 views0 comments