• Chathura Ramanayake

ශකිබ් වෙනුවට අලුත් නායකයෙක් !!!


එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමගින් පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් නව නායකයෙකු පත් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත. බංග්ලාදේශය මෙලෙසින් නව නායකයෙකු පත් කොට ඇත්තේ විස්සයි විස්ස නිත්‍ය නායක ශකිබ් අල් හසන් කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන බැවිනි.



ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි විස්සයි විස්ස තරගාවලියේදී බංග්ලාදේශය මෙහෙයවීමේ වගකීම නුරුල් හසන්ට පැවරී ඇත. සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවති තරගාවලියේදී ඇගිල්ලේ ආබාධයකට ලක්වීම හේතුවෙන් නුරුල්ට ආසියානු කුසලාන තරගාවලිය ද අහිමිවිය.


ශකිබ් අල් හසන් මෙවර කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඇමේසන් වොරියස් කණ්ඩායම නියෝජනය කරනුයේ දකුණු අප්‍රිකානු ක්‍රීඩකට ටබ්‍රායිස් ශම්සි මෙවර තරගාවලියට ක්‍රීඩා නොකිරීම හේතුවෙනි.


ශකිබ් අල් හසන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරග 2කට ක්‍රීඩා නොකරන අතර ඔහු වෙනුවට පාදගපන්දු යවන ක්‍රීඩක රිෂාඩ් හුසේන් සංචිතයට කැදවා ඇත. එමෙන්ම සෞම්‍ය සාකර්ද මෙවර බංග්ලාදේශ සංචිතයට කැදවා ඇත.


බංග්ලාදේශ සංචිතය


Nurul Hasan (capt), Sabbir Rahman, Mehidy Hasan Miraz, Afif Hossain, Mosaddek Hossain, Litton Das, Yasir Ali, Mustafizur Rahman, Mohammad Saifuddin, Taskin Ahmed, Ebadot Hossain, Hasan Mahmud, Najmul Hossain Shanto, Nasum Ahmed, Shoriful Islam, Soumya Sarkar, Rishad Hossain

170 views0 comments