• Chathura Ramanayake

ශකීබ් නොකියා කියන්නේ ආසියානු ශූරයන් බංග්ලාදේශය බවද?



බංග්ලාදේශ විස්සයි විස්ස හා ටෙස්ට් නායක ශකිබ් අල් හසන්, එළඹෙන ආසියානු කුසලාන තරගාවලියේ දී ඉන්දියාව, පාකිස්තානය හා ශ්‍රී ලංකාව හැර නව ශූරයෙකු බලාපොරොත්තු වන බව සදහන් කොට ඇත. බංග්ලාදේශය අවසන් වරට පැවති ආසියානු කුසලාන තරගාවලි හතරෙන් තුනකම අවසන් මහා තරගයට ක්‍රීඩා කොට ඇතත් ශූරතාවය දිනාගැනීමට අපොහොසත් වී ඇත.


ඊයේ දිනයේදී ශකිබ් අල් හසන් බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුවීම් වලට එක්වීමට පෙර අබුඩාබි ලීගයේ බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ අයිකන එලිදැක්වීමේ උත්සවයට සහභාගී විය. ශකිබ් අල් T10 තරගාවලියේ බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ අයිකන් ක්‍රීඩකයා ලෙසින් නම් කෙරිණි. මෙම කණ්ඩායමේ සන්නාම තානාපතිවරයා ලෙසින් කටයුතු කරනුයේ හිටපු ඉන්දීය ක්‍රීඩක S.ශ්‍රීසාන්ත් ය.


බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වීමට ලැබීම ආඩම්බරයක්. තරගාවලියට ක්‍රීඩා කිරීමට ඉදිරිපත් වුනාම මම හිතුවා අවස්ථාවක් තියෙයි කියලා. මට මෙය පිළිගැනීම හැර වෙනත් විකල්පයක් තිබුණෙ නෑ. මෙවර බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ශූරයන් වෙනවා දකින්න මම කැමතියි."

ආසියානු කුසලානය සම්බන්ධයෙන් ද ශකිබ් අල් හසන් මෙහිදී අදහස් දක්වා ඇත.

මම කිලින් කිව්වා වගේම අලුත් කණ්ඩායමක් ශූරතාවය දිනාගන්න එක හොදයි. විස්සයි විස්ස වගේ තරග ආකෘතියක එය විශේෂයෙන් සිදු කළ හැකියි.

4,115 views0 comments