• Chathura Ramanayake

විරාට් කෝලි සුවිශේෂී තරගයක් වෙනුවෙන් අද ක්‍රිකට් පිටියට !!!



ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ සුවිශේෂී තරගයක් වෙනුවෙන් ඉන්දීය හිටපු නායක විරාට් කෝලි අද දිනයේදී තරග බිමට පිවිසීමට නියමිතය. පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ දෙවන තරගයේදී විරාට් කෝලි සියවන ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කරනු ඇත.


ඒ අනුව ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 100කට ක්‍රීඩා කළ ලොව 14වැනි ක්‍රීඩකයා බවට විරාට් කෝලි පත්වනු ඇත. ඉන්දීය හිටපු නායක විරාට් කෝලි මේ වන විට ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 99කට ක්‍රීඩා කරමින් ලකුණු 3308ක් රැස්කොට ඇත්තේ පිතිකරණ සාමාන්‍ය ලකුණු 50හි රදවා ගනිමිනි.


ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වැඩිම තරග ගණනක් ක්‍රීඩා කොට ඇත්තේ ඉන්දීය නායක රෝහිත් ෂර්මායි. රෝහිත් ෂර්මා තරග 132කට ක්‍රීඩා කොට ඇති අතර ලකුණු 3487ක් රැස්කොට ඇත. ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලකුණු 3500 සීමාව පසුකළ පළමු ක්‍රීඩකයා වන්නට ඔහුට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 13ක් පමණි.


ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විස්සයි විස්ස තරග 100ක් ක්‍රීඩා කළ ක්‍රීඩකයන්


රෝහිත් ෂර්මා - 133*

ශොයිබ් මලික් - 124

මාටින් ගප්ටිල් - 121

මහමදුල්ලා රියාස් - 119

මොහොමඩ් හෆීස් - 119

ඉයන් මෝගන් - 115

පෝල් ස්ටර්ලින් - 114

කෙවින් ඕබ්‍රයන් - 110

ජෝජ් ඩොක්‍රෙල් - 105

ඩේවිඩ් මිලර් - 104

රෝස් ටේලර් - 102

කිරන් පොලාඩ් - 101

මුෂ්ෆිකර් රහීම් - 100

විරාට් කෝලි - 100*

631 views0 comments