• Chathura Ramanayake

විරාට් කෝලිට විවේකය අවශ්‍යයි - මොහොමඩ් හෆීස්



පකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මොහොමඩ් හෆීස් පවසා ඇත්තේ හිටපු ඉන්දීය ජාතික ක්‍රිකට් නායක විරාත් කෝලි සහ පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී යන ක්‍රීඩකයන් දෙදෙනාම එකම ගැටලුවට මුහුණ ඇති බවයි. මෙම ක්‍රීඩකයන් දෙදෙනාටම අධික මානසික පීඩනය හේතුවෙන් ඔවුන්ගේ රිදමයට යළි පැමිණීමට නොහැකිවී ඇති බව මොහොමඩ් හෆීස් සදහන් කොට ඇත.


ජාත්‍යන්තර ශතක 70ක් රැස්කොට ඇති විශිෂ්ඨ පිතිකරුවකු වන විරාත් කෝලි මෑතකාලීනව සිය සුපුරුදු රිදමයට පැමිණීමට අපොහොසත්ව ඇත. 33 හැවිරිදි කෝලි මෑතකදී අවසන් වූ එංගලන්ත සංචාරයේදීද ලකුණු අතරට පැමිණීමට අපොහොසත් විය. ඔහු එජ්බැස්ටන් ටෙස්ට් තරගයේදී ලකුණු 11 සහ 20කටද, T20I තරග දෙකේදී ලකුණු 1 සහ 11, සහ ODI තරග දෙකකදී ලකුණු 16 හා 17කටද දැවීගියේය.විරාට් කෝලි බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී මෙන්ම සිම්බාබ්වේ සංචාරයේදී විවේක ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කළේ ආසියානු කුසලාන තරගාවලියට ඔහුව ක්‍රීඩා කරවීමේ අරමුණිනි.


පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දකුණත් වේග පන්දු යවන්නකු වන හසන් අලී දුර්වල දස්කම් හේතුවෙන් 2022 ආසියානු කුසලානය සඳහා වන සංචිතයෙන් ඉවත් කරන ලද අතර ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ෂා සංචිතයට ඇතුළත් කර ඇත.


මේ අතර හිටපු නායක මොහොමඩ් හෆීස් පැවසුවේ කෝලි අධික මානසික පීඩනයකට ලක්ව ඇති නිසා ඔහුට විවේකයක් අවශ්‍ය බවත් බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ඔහු විවේක ගැනීමට BCCI ගත් තීරණය හොඳම තීරණය බවත්ය. තවද හිටපු පකිස්තාන නායකයා පවසා ඇත්තේ පකිස්ථාන වේග පන්දු යවන හසන්ට විවේකයක් ලබා දිය යුතුව තිබුණේ බොහෝ කලකට පෙර බවයි.


" විරාත් කෝලි පසුගිය වසර 10 තුළ හොඳම ක්‍රීඩකයන්ගෙන් කෙනෙකි. මම හිතන්නේ එයත් මේ ප්‍රශ්නයටම මුහුණ දෙනවා. මානසික පීඩනය වැඩි නිසා ඔහුට විවේකයක් අවශ්‍ය වුණා. මෙම තරඟාවලිය සඳහා විරාට් විවේක ගැන්වීමට ඔවුන් ගත් තීරණය ඔහු හොඳම තීරණයක්,”


“විරාත් කෝලි ප්‍රතිවාදීන්ට බලපෑමක් එල්ල කරන ක්‍රීඩකයෙක්. නමුත් පහුගිය අවුරුදු 2-3 තුළ අපි දැක්කා ඔහු එතරම් බලපෑමක් එල්ල කරපු නැති බව. පසුගිය වසරේ විස්සයි20 ලෝක කුසලානයේ දී ඔහු පකිස්ථානයට එරෙහිව අර්ධ ශතකය ලබා ගත්තත් එය බලපෑමක් වුණේ නෑ. ප්‍රතිවාදීන්ට බලපෑමක් එල්ල කිරීමට නොහැකි වන තුරු, ඔබ ක්‍රීඩා කිරීමෙන් පලක් නැත, ” යනුවෙන් මොහොමඩ් හෆීස් සදහන් කොට ඇත.


" සෑම ක්‍රීඩකයෙකුටම විවේකයක් අවශ්‍යයි. ඉන්දීය පාලක මණ්ඩලය හොඳ තීරණයක් ගත්තා. මෙම විවේකය ඔහුට නැවත ක්‍රිකට් පිටියේදී ප්‍රතිවාදීන්ට බලපෑම් ක්‍රීඩකයෙකු වීමට උපකාර වනු ඇත."

61 views0 comments