• Chathura Ramanayake

විරාට් අනික් අයට ගොඩක් උදව් කරන කෙනෙක් - වනිදු හසරංග

ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගය අද දිනයේදී පැවැත්වීමට නියමිතය.අද තරගයේදී ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගගේ පන්දු වලට මුහුණ දීම වෙනුවෙන් ඉන්දීය පිතිකරුවන් මනා අධ්‍යයනයකින් යුතුව පැමිණෙනු නොඅනුමානය. ආසියානු කුසලාන තරගාවලිය අතරතුර ඉන්දීය මාධ්‍යවේදියෙකු සමගින් පැවති සම්මුඛ සාකච්ඡාවකදී වනිදු හසරංග අදහස් දක්වා ඇත.


ඩුබායි ක්‍රිකට් පිටියේ තණතීරුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් වනිදු හසරංග ප්‍රකාශ කළේ එම තණතීරුව තරමක් මන්දගාමී බවයි.


" ඩුබායි තණතීරුව තරමක් මන්දගාමී. ඒ වගේම එතරම් ඉලිප්පීමක් නෑ. මෙම ක්‍රීඩාංගණයේදී අපි ලකුණු රැස්කළ යුතුයි. මොකද හතරේ සීමාව පොඩියි."

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ලද අත්දැකීම් හා විරාට් කෝලි සම්බන්ධයෙන් ද වනිදු හසරංග මෙහිදී අදහස් දක්වා ඇත


" විරාට් කියන්නෙ ගොඩක් මිත්‍රශීලී කෙනෙක්. ඒ වගේම ඔහු අනික් අයට ගොඩක් උපකාර කරන කෙනෙක්. RCB පවුලත් ඒ වගේමයි. ක්‍රීඩකයෙක් ලෙස ගත්තාම ඔවුන් සමඟ වැඩ කරන්න ලේසියි"
" පසුගිය වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අර්ධයේ ක්‍රීඩා කරන විට මට පීඩනයක් තිබ්බා. නමුත් මෙවර තරගාවලියේ දී මට ඒ තරම් පීඩනයක් තිබ්බෙ නෑ මොකද මම කලින් RCB කණ්ඩායම වෙනුවෙන් තරග 2ක් ක්‍රීඩා කොට තිබුණා."

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී RCB කණ්ඩායම ශූරතාවය දිනාගනු ඇතැයි අපේක්ෂා කරන බවටද වනිදු සදහන් කොට ඇත. කණ්ඩායමක් ලෙසින් තරග කළහොත් නිසැකවම ශූරතාවය දිනාගත හැකි බව ඔහු ගේ අදහසයි.


Image source : Sport 360

558 views0 comments