• Chathura Ramanayake

වෙනස්කම් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ තරගයට ?



ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන මීළග තරගය බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතය. B කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තරගය සැප්තැම්බර් මස 1වනදා ඩුබායිහිදී පැවැත්වීමට නියමිතය.


මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් කිහිපයක් සමගින් ක්‍රීඩා කිරීමට නියමිත බවට වාර්තා වෙයි. ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමගින් පැවති තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වූ නිසාවෙන් අද දිනයේදී පැවැත්වෙන ඇෆ්ගනිස්තාන, බංග්ලාදේශ තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන තීරණය කරනු ඇත.


පසුගිය තරගයේදී ආරම්භක පිතිකරුවන් ලෙසින් කුසල් මෙන්ඩිස් හා පැතුම් නිස්සංක කටයුතු කළ අතර ධනුෂ්ක ගුණතිලක අංක හතර ස්ථානයේ ක්‍රීඩා කළේය. අගෝස්තු මස 31ක් වනදා පැවැත්වෙන පුහුණු සැසියෙන් අනතුරුව බංග්ලාදේශ තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම තීරණය කිරීමට නියමිතය.


බංග්ලාදේශ තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවිය හැකි බව Daily news වෙබ් අඩවිය වාර්තා කොට ඇත. ඒ අනුව වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු මෙම තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ ශක්තිමත් කිරීමට ධනංජය ද සිල්වා හෝ අශේන් බණ්ඩාර කණ්ඩායමට ඇතුළත් වීමට වැඩි ඉඩක් පවතින බවටද Daily news වෙබ් අඩවිය වාර්තා කොට ඇත.

10,384 views0 comments