• Chathura Ramanayake

වේදනාත්මක ශතක ඉඩෝරයට කෝලි අද්විතීය ශතකයකින් තිත තබයි


ආසියානු කුසලාන තරගාවලියේ මූලික වටයේ තවත් තරගයක් මේ වන විටත් ඩුබායිහිදී පැවැත්වෙයි. ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඇෆ්ගනිස්තානය ඩුබායි තණතීරුවේ පළමුව පන්දු රැකීමට තීරණය කළහ.


ඒ ආරාධනයෙන් ඉන්දීය ඉනීම ආරම්භ කරමින් විරාට් කෝලි සමගින් ලෝකේෂ් රාහුල් පිටියට පිවිසියහ. අද දිනයේදී ඇෆ්ගනිස්තාන නායකයාගේ තීරණයෙන් උපරිම ඵල නෙලාගන්නට හිටපු ඉන්දීය නායක විරාට් කෝලි වගබලාගත්තේ කලක් තිස්සේ තමාට අහිමි වී ගිය 71වන ජාත්‍යන්තර ශතකය රැස්කරමිනි.


හිටපු ඉන්දීය නායක විරාට් කෝලි අවසන් වරට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශතයක් රැස්කළේ 2019 වසරේ නොවැම්බර් මස 23වනදායි. එතැන් පටන් දින 1021ක කාල සීමාව මුලුල්ලේ ශතකයක් වාර්තා කිරීමට තිබූ අවස්ථාවන් කිහිපයක්ම විරාට් කෝලිට අහිමි විය.


අද දිනයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පන්දු 61ක් තුළදී හතරේ පහර 12ක් හා හයේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 122ක් රැස්කිරීමට විරාට් කෝලිට හැකිවිය. මෙම ලකුණු සංඛ්‍යාව ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවෙක් ඉනීමක් තුළ රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව බවටද පත් විය.


ඉන්දීය ඉනීමෙන් අනතුරුව විරාට් කෝලි පැවසුවේ "මම මේ ශතකය මගේ බිරිඳට සහ මගේ දුවට කැප කරනවා" යනුවෙනි.

203 views0 comments