• Chathura Ramanayake

වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගත් අසිත තරගාවලියේ වීරයා වෙයි !!



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ ඊයේ දිනයේදී නිමාවට පත් වූයේ කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ SLC Reds කණ්ඩායම ශූරයන් ලෙසින් කිරුලු පලන්දවමිනි. මෙවර තරගාවලිය තුළදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ රතු බලකායේ අසිත ප්‍රනාන්දු වැඩිම කඩුලු ලාභියා ලෙසින් සාර්ථකව තරගාවලිය අවසන් කළේ තරගාවලියේ වීරයා බවටද පත් වෙමිනි. ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් පිළිබඳව මෙම ලිපියෙන් අවදානය යොමු කෙරේ.


මෙවර තරගාවලිය තුළ පන්දුවාර 16ම යොමුකරමින් කඩුලු 10ක් බිදහෙලූ අසිත ප්‍රනාන්දු තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් විය. අසිත තරගාවලියේ හොදම පන්දු යැවීම ලෙසින් පළමු තරගයේදී ග්‍රේස් කණ්ඩායමට එරෙහිව ලකුණු 22කට කඩුලු 4ක් බිදහෙලීය. මෙවර තරගාවලිය තුළදී වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැන්නා බවට පත් වූයේ Blues කණ්ඩායමේ වමත් දගපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමයි. ප්‍රවීන් පන්දුවාර 16ක් යොමුකරමින් කඩුලු 7ක් බිදහෙලන්නට සමත් වූයේ පන්දුවාරයකදී 6.68ක දල ලකුණු වේගයක් රදවා ගනිමිනි.


තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර තෙවැන්නා බවට පත් ව ඇත්තේ දගපන්දු යවන ක්‍රීඩක සුමින්ද ලක්ෂාන් ය. ඔහු පන්දුවාර 14ක් තුළදී කඩුලු 5ක් දවාගෙන ඇත. මහීෂ් තීක්ෂණ ද තරගාවලියේදී කඩුලු 5ක් දවාගැනීමට සමත්ව ඇත්තේ පන්දුවාර 15 තුළ ලකුණු 88ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි. වැඩිම කඩුලු ලාභීන් අතරෙහි සෙසු ස්ථානයන්හි මූලික වටය අවසානයේදී වැඩිම කඩුලු දවාගත් ක්‍රීඩකයන් එලෙසින්ම රැදී සිටියි. ඒ අනුව පන්දු යවන්නන් පස්දෙනෙකු තරගාවලිය තුළදී කඩුලු 4 බැගින් දවාගනිමින් සෙසු ස්ථාන හිමි කරගෙන ඇත.


තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන්

ක්‍රීඩකයා

පන්දුවාර

කඩුලු

හොදම පන්දු යැවීම

දළ ලකුණු

අසිත ප්‍රනාන්දු

16

10

4/22

6.87

ප්‍රවීන් ජයවික්‍රම

16

7

3/13

6.68

සුමින්ද ලක්ෂාන්

14

5

2/22

6.14

මහීෂ් තීක්ෂණ

15

5

2/16

5.86

පුලින තරංග

7.5

4

3/12

5.61

ජෙෆ්‍රි වැන්ඩසේ

9.0

4

3/12

5.00

මුදිත ලක්ෂාන්

8.3

4

3/17

5.88

ලක්ෂාන් සදකැන්

11

4

2/14

5.90

චාමික කරුණාරත්න

12.2

4

2/22

7.54


92 views0 comments