• Shaminda Jayarathne

වසර 3 කට පසුව එංගලන්ත කණ්ඩායමට එන Alex Hales

වසර 3 කට පසුව නැවත වතාවක් එංගලන්ත සංචිතයට Alex Hales ව කැඳවීමට එරට ක්‍රිකට් බලධාරීන් කටයුතු කොට තිබෙනවා. ඔහුව 2019 ලෝක කුසලානයට පෙර එංගලන්ත සංචිතයෙන් ඉවත් කළේ බීමත්ව රාත්‍රී සමාජ ශාලාවක ඇතිකරගත් ගැටුමක් නිසායි. මේ ආකාරයේ විනය ප්‍රශ්න රැසක් Hales ගේ ක්‍රීඩා ජීවිතය වටා හොල්මන් කළා.


නමුත් ලොව පුරාම ලීග් පිටියේ Alex Hales දැක්වූ දක්ෂතාවයන් මෙන්ම වත්මන් ක්‍රිකට් පිටියේ එංගලන්ත කණ්ඩායමේ ආරම්භයට තවත් ප්‍රවේගකාරී පිතිකරුවෙකුගේ ඇතිව තිබෙන අවශ්‍යතාවය නිසාත් වසර 3 කට පසුව ඔහුට නැවතත් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ දොරගුළු විවර වී තිබෙනවා.


ඒ අනුව පාකිස්තානය සමග පැවැත්වෙන තරඟ 7 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියට මෙන්ම එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයටද Alex Hales එංගලන්තය සමගින් ක්‍රීඩා කරනු ඇතැයි වාර්තා වනවා. Hales මීට ප්‍රථම එංගලන්තය සමගින් විස්සයි විස්ස තරඟ 60 කදී රැස්කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 1644ක්. එයට අර්ධ ශතක 8ක් සහ ශතකයක්ද ඇතුළත් වනවා.

51 views0 comments