• Chathura Ramanayake

වසර 18ක් ඉපැරැණි ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් අලුත් වෙයි !!!


ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ පන්දුවාරයකදී වැඩිම ලකුණු ප්‍රදානය කළ පන්දු යවන්නා බවට එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් වාර්තා පොත් අතරට එක්විය. ඒ ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වෙන පස්වන ටෙස්ට් තරගයේදීය. ඉන්දීය පළමු ඉනීමේ 84වන පන්දුවාරය තුළදී ස්ටුවර්ට් බ්‍රෝඩ් විසින් ලකුණු 35ක් ප්‍රතිවාදීන්ට ලබාදුන්නේ, ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ප්‍රදානය කළ පන්දුවාරය යොමු කරමිනි.


එම පන්දුවාරයේදී ලද ලකුණු 35ද සමගින් ඉන්දීය පළමු ඉනීම ලකුණු 400 සීමාව ඉක්මවන්නට විය. ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ එම පන්දුවාරයට මුහුණ දුන් ජස්ප්‍රිට් බුම්‍රා හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 29ක් රැස්කිරීමට සමත් වූ අතර ස්ටෘවර්ට් බ්‍රෝඩ් විසින් එක් නිපන්දුවක් හා වයිඩ් ලකුණු 5ක්ද සමගින් තවත් ලකුණු 6ක් එම පන්දුවාරය තුළදී ප්‍රදානය කරන්නට විය.


මින් පෙර ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයක පන්දුවාරයක් තුළ රැස්කළ වැඩිම ලකුණ බවට පත් වූයේ 2003 වසරේදී බ්‍රයන් ලාරා විසින් රොබින් පීටර්සන්ට එරෙහිව රැස්කළ ලකුණු 28යි. අද දිනයේදී බ්‍රෝඩ් විසින් යොමුකළ මෙම පන්දුවාරයත් සමගින් වසර 19ක් පැරණි එම වාර්තාව අලුත් විය.


ටෙස්ට් ක්‍රිකට් පිටියේ පන්දුවාරයකදී වැඩිම ලකුණු ලබාදුන් පන්දු යවන්නන්


ස්ටුවර්ට් බ්‍රෝඩ් - ලකුණු 35ක් ඉන්දියාවට 2022දී

රොබින් පීටර්සන් - ලකුණු 28ක් බටහිර ඉන්දීය කොදෙව්වන්ට 2003දී

ජේම්ස් ඇන්ඩර්සන් - ලකුණු 28ක් ඕස්ට්‍රේලියාවට 2013දී

ජෝ රූට් - ලකුණු 28ක් දකුණු අප්‍රිකාවට 2020දී

හර්බජාන් සිං - ලකුණු 27ක් පාකිස්තානයට 2006දී


0 views0 comments