• Shaminda Jayarathne

වසර 140ක් පැරණි ටෙස්ට් ඉතිහාසයේ හොඳම කණ්ඩාමට ශ්‍රී ලාංකිකයන් දෙපළක්!

සුප්‍රකට විස්ඩන් සඟරාව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සිදු කළ ක්‍රීඩක Ratings වලට අනුව ලොව එදා මෙදා තුර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ හොඳම කණ්ඩායම නම් කිරීමට පසුගියදා කටයුතු කළා.


වසර 140 කට වඩා දිගු ඉතිහාසයකට හිමිකම් කියන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ බිහිවූ සුපිරිතම ක්‍රීඩයන් 11 දෙනාව එක් කණ්ඩායමක් ලෙසින් නම් කිරීම මෙහි අරමුණ වූ බවද විස්ඩන් සඟරාව උපුටා දක්වමින් ප්‍රකාශ කළ හැකියි. එම කණ්ඩායමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් දෙදෙනෙක් ඇතුළත් වී තිබීමත් විශේෂත්වයක්. ඒ කුමාර් සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන් යන ක්‍රීඩකයන් දෙපළයි.


ඔවුන්ට අමතරව එංගලන්ත ක්‍රීඩකයන් 4ක්, ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් 3ක්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක් සහ එක් පාකිස්තාන ක්‍රීඩකයෙක් මෙම කණ්ඩායමට ඇතුළත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවටත් වඩා වසර ගණනාවක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයක් හිමි ඉන්දීයාව සහ නවසීලන්තය නියෝජනය කරමින් කිසිඳු ක්‍රීඩකයෙකු මෙම කණ්ඩායමට ඇතුළත් වී නොතිබීමත් විශේෂත්වයක්. කණ්ඩායමේ නායකත්වය හිටපු ඕස්ට්‍රේලියා සුපිරි පිතිකරු ඩොනල්ඩ් බ්‍රැඩ්මන් හට ලබා දීමට විස්ඩන් සඟරාව කටයුතු කළා.


ඉතිහාසයේ විශිෂ්ටතම ටෙස්ට් කණ්ඩායම


1. ලෙන් හටන්

2. ජැක් හෝබ්ස්

3 ඩොනල්ඩ් බ්‍රැඩ්මන්

4. රිකී පොන්ටින්

5. ස්ටීව් ස්මිත්

6. කුමාර් සංගක්කාර

7. ගැරී සෝබර්ස්

8. ඉම්රාන් කාන්

9. ජෝර්ජ් ලොහ්මන්

10. සිඩ්නි බාර්න්ස්

11. මුත්තයියා මුරලිදරන්

0 views0 comments