• Shaminda Jayarathne

වසරේ යුරෝපීය ක්‍රීඩකයා කරීම් බෙන්සෙමා

මෙවර යුරෝපීය පාපන්දු කාල සටහනේ සුවිශේෂීම තරඟාවලිය වන යුරෝපීය ශූරයන්ගේ කුසලානයේ (UEFA Champions League) මූලික වටයේ තරඟ කාණ්ඩ නම් කිරීමත් වසරේ යුරෝපීය ක්‍රීඩකයා නම් කිරීමේ උත්සවයත් ඊයේ දිනයේදී පැවැත්වුණා. මේ වසරේ යුරෝපයේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙසින් නම් වුණේ ප්‍රංශ ජාතික රියාල් මැඩ්රීඩ් කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක කරීම් බෙන්සෙමායි.


බෙන්සෙමා පසුගිය තරඟවාරය තුළදී රියාල් මැඩ්රීඩ් සමගින් ජයග්‍රහණයන් රාශියක් අත් කර ගත්තා. ඒ වගේම ක්‍රීඩකයෙක් ලෙසින් සුවිශේෂී පෞද්ගලික දක්ෂතා ද දැක්වීමට සමත් වුණා. 2021/22 තරඟවාරය තුළ ගෝල 50ක් සහ ගෝල ලබා ගැනීමට සහාය වීම් 16ක් ද බෙන්සෙමා වාර්තා කළා. මීට අමතරව,


ස්පාඤ්ඤය Laliga ජයග්‍රහණය

SuperCopa de Espana ජයග්‍රහණය

2021/22 Champions League ජයග්‍රහණය


කණ්ඩායම් වශයෙන් ලබා ගනිද්දී පෞද්ගලික මට්ටමෙන්,


Champions League තරඟාවලියේ වැඩිම ගෝල ලාභියා

Laliga තරඟවාරයේ වැඩිම ගෝල ලාභියා


යන දක්ෂතාද දැක්වීමට සමත් වුණා. මේ නිසාවෙන් බෙන්සෙමා ව වසරේ යුරෝපීය පාපන්දු ක්‍රීඩකයා ලෙසින් නම් කිරීම අපහසු වුණේ නෑ. බෙන්සෙමා මෙවර Ballon D'or සම්මානය ද ලබා ගන්නා බවට මේ වන විටත් බොහොමයක් විචාරකයන් තම මත පළ කරමින් සිටිනවා. මීට අමතරව වසරේ යුරෝපීය හොඳම පාපන්දු පුහුණුකරු සම්මානය රියාල් මැඩ්රීඩ් කණ්ඩායමේ පුහුණුකරු කාලෝ ඇන්සොලෙට්ටි ජයග්‍රහණය කළා.

29 views0 comments