• Chathura Ramanayake

වනිදු හා භානුක මෙවර LPL තරගාවලියේදී වෙනත් කණ්ඩායම් දෙකකට !!!


ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවන අදියර මෙම මස 31වනදා ආරම්භ කිරීමට නියමිතය. තරගාවලිය සදහා එක්වන ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලිය අනිද්දා දිනයේදී පැවැත්වීමට නියමිත බවට අප මින් පෙර වාර්තා කළහ.


මෙවර ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලියේදී වනිදු හසරංග හා භානුක රාජපක්ෂ නව කණ්ඩායම් දෙකක් සමගින් එක්වීමට නියමිත බවට වාර්තා වෙයි. ඒ අනුව වනිදු හසරංග මෙවර මහනුවර කණ්ඩායම සමගින්ද, භානුක රාජපක්ෂ දඹුල්ල කණ්ඩායම සමගින් එක්වීමටද නියමිත බවට වාර්තා වෙයි.


පසුගිය වසර ද්විත්වයේදීම වනිදු හසරංග යාපනය කණ්ඩායම නියෝජනය කළ අතර භානුක රාජපක්ෂ ගාල්ල කණ්ඩායමේ නායකත්වයද දරනු ලැබීය.

0 views0 comments