• Chathura Ramanayake

වනිදුලාගේ අඩිපාරේ යමින් යුපුනුත් ලෝක ශ්‍රේණිගතකිරීම්හි ඉදිරියට


ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් ලෝක ශ්‍රේණිගතකිරීම්හි ඉදිරියට පැමිණීමට සමත් වී ඇත. පසුගිය සැප්තැම්බර් මස 13 වනදා ප්‍රකාශයට පත් කළ නවතම මීටර් 100 ඉසව්වෙහි ශ්‍රේණිගතකිරීම්හි 20වන ස්ථානය තෙක් ඉදිරියට පැමිණීමට යුපුන් අබේකෝන් සමත් වී ඇත.


පසුගිය සැප්තැම්බර් මස 9වනදා පැවති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේදී පස්වැන්නා ලෙසින් තරගය අවසන් කරන්නට යුපුන් අබේකෝන් සමත් විය. එහිදී යුපුන් දැක්වූ දක්ෂතාවය තත්පර 10.14කි.



මෙම දක්ෂතාවය සමගින් මීටර් 100 ඉසව්වෙහි ලෝක ශ්‍රේණිගතකිරීම්හි ස්ථාන 4කින් ඉදිරියට පැමිණීමට යුපුන් අබේකෝන් සමත් වී ඇත. යුපුන් අබේකෝන් සැප්තැම්බර් මස 6වනදා නිකුත් කළ,ශ්‍රේණිගතකිරීම්හි රැදිසිටියේ 24වන ස්ථානයේයි.


ශ්‍රේණිගතකිරීම්හි යුපුන් අබේකෝන් රැස්කොට ඇති ප්‍රසාද ලකුණු ගණන 1285කි. ශ්‍රේණිගතකිරීම්හි මුල් ස්ථාන හතරම ඇමරිකානු ක්‍රීඩකයන්ට හිමි වී ඇත.


997 views0 comments