• Chathura Ramanayake

වනිදු, මහීෂ් හා සීක්කු කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට !!!



කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙවර තරග වාරය අගෝස්තු මස 31වනදා ආරම්භ වීමට නියමිතය. මෙවර කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනකු මේවන විටත් කණ්ඩායම් ද්විත්වයක් සමගින් ගිවිසුම් අත්සන් කොට ඇත.


ඒ අනුව පා දගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග, දගපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ හා තුන් ඉරියව් ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් සමගින් ගිවිසුම්ගත වී ඇත. වනිදු හසරංග St.Kitts & Nevil Patriots කණ්ඩායම සමගින් ගිවිසුම් ගතවද්දී මහීෂ් තීක්ෂණ හා සීක්කුගේ ප්‍රසන්න Trinbago Night Riders කණ්ඩායම සමගින් එක්ව ඇත.

0 views0 comments