• Chathura Ramanayake

වනිදු, මහීෂ් පෙරටු කොටගත් රතු බලකායේ පන්දු බලඇණිය !!



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි විස්ස තරගාවලිය එළඹෙන අගෝස්තු මස 8වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලියට එක් වන එක් එක් කණ්ඩායම් වල සංයුතිය පිළිබඳව ක්‍රීඩා ලෝලී ඔබ වෙත ලිපි මාලාවක් ගෙන ඒමට Creedanet අප තීරණය කළෙමු. ඒ යටතේ ඊයේ දිනයේදී කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු SLC Reds කණ්ඩායමේ පිතිකරණ බලඇණිය පිළිබඳව අප ලිපියක් පළ කල අතර අද දිනයේදී අවදානය යොමු කෙරෙනුයේ කුසල්ගේ කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණිය පිළිබඳවයි.


ශ්‍රී ලංකා ජාතික විස්සයි විස්ස කණ්ඩායම නියෝජනය කරන ප්‍රභලතම පන්දු යවන්නන් තිදෙනකු SLC Reds කණ්ඩායම සතුය. ඒ දගපන්දු යවන්නන් අතරෙහි කලක් පෙරමුණෙහි පසුවූ වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ හා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරයි. එමෙන්ම පසුගිය ඕස්ට්‍රේලියානු එක්දින තරගාවලියේදී විශිෂ්ඨ දස්කම් පෑ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේද මෙම කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණියේ ප්‍රමුඛයෙකු ලෙසින් කටයුතු කරයි.


තවද වමතින් වේගපන්දු යවන ක්‍රීඩක කළණ පෙරේරා, යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ, දගපන්දු යවන ක්‍රීඩක කෙවින් කොත්තිගොඩ හා දගපන්දු යවන ක්‍රීඩක සහන් ආරචිචිගේ යන පන්දු යවන්නන් SLC Reds කණ්ඩායමේ පන්දු යැවීමේ ඒකකය සවිමත් කරන්නට සූදානමින් පසුවෙයි. තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ලහිරු මධුසංඛද මෙම් කණ්ඩායමට වේගපන්දුවෙන් සිය දායකත්වය ලබාදීමේ සූදානමින් පසුවෙයි. අනිකුත් කණ්ඩායම් සමග සැසදීමේදී ප්‍රභලතම පන්දු යැවීමේ බලඇණියක් කුසල් මෙන්ඩිස් සතු වීම මෙම කණ්ඩායමට ඉතාමත් වාසි සහගත වනු ඇත.


ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන් අතර පෙරමුණෙහි පස්වූ වනිදු හසරංග ජාත්‍යන්තර විස්සයි විස්ස කඩුලු 62ක උරුමකරුවෙකි. ඔහු පසුගිය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන වැඩිම කඩුලු ලාභියා බවටද පත් වු අතර සමස්ත විස්සයි විස්ස කඩුලු 146ක් ඔහුගේ නම ඉදිරියේ ලියැවී ඇත. කණ්ඩායම සතු ප්‍රමුඛම වේගපන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර මේ වන විට ජාත්‍යන්තර කඩුලු 48ක් දවාගැනීමට සමත් වී ඇති අතර සමස්ත විස්සයි විස්ස පිටියේදී කඩුලු 99ක් බිදහෙලන්නට ඔහු සමත්ව ඇත. වනිදුගේ දගපන්දු සගයා වන මහීෂ් තීක්ෂණ ජාත්‍යන්තර විස්සයි විස්ස කඩුලු 16ක් දවාගෙන ඇති අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියටද ක්‍රීඩා කළ ඔහු සමස්ත විස්සයි විස්ස කඩුලු 69ක් මේවන විටත් බිදහෙලා ඇත.


අනිකුත් පන්දු යවන්නන් අන්තර් ජාතික ක්‍රිකට් පිටිය නියෝජනය නොකළද දේශීය තරග බිමේදී දස්කම් පාන්නට සමත් වි ඇත. වමත් වේගපන්දු යවන ක්‍රීඩක කළණ පෙරේරා හා දගපන්දු යවන ක්‍රීඩක සහන් ආරචිචිගේ යන ක්‍රීඩකයන් දෙදෙනා විස්සයි විස්ස පිටිය තුළදී කඩුලු 24 බැගින් බිදහෙලා ඇත. තුන් ඉරියව් වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු මධුසංඛ විස්සයි විස්ස පිටියේ කඩුලු 54ක් දවාගෙන ඇති අතර යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ තවමත් විස්සයි විස්ස තරග 5කට ක්‍රීඩාකරමින් කඩුලු 4ක් දවාගෙන ඇත. පාදගපන්දු යවන ක්‍රීඩක කෙවින් කොත්තිගොඩද විස්සයි විස්ස කඩුලු 11ක් දවාගෙන ඇති අතර දෑතම උපයෝගී කරගනිමින් පන්දු යැවිය හැකි කමිදු මෙන්ඩිස් විස්සයි විස්ස කඩුලු 13ක් බිදහෙලා ඇති ක්‍රීඩකයෙකි. මීට අමතරව දුනිත් වෙල්ලාලගේ විස්සයි විස්ස කඩුලු 3ක් දවාගෙන ඇති අතර ලසිත් ක්‍රෝස්පුල්ලේද දේශීය ක්‍රිකට් පිටියේදී කඩුලු 6ක් බිදහෙලා ඇති ක්‍රීඩකයෙකි.



ක්‍රීඩකයා


ඉනීම


කඩුලු


හොදම පන්දු යැවීම


දළ ලකුණු

​වනිදු හසරංග


99


​146


5/18


6.72

දුෂ්මන්ත චමීර


102


99


4/17


​8.07

මහීෂ් තීක්ෂණ



62


69


4/25


​6.26

ලහිරු මධුසංඛ


58

​53


4/15


7.80

​කලණ පෙරේරා


19

24

​3/17

6.45

සහන් ආරචිචිගේ


23


24


3/11


​7.17

කමිදු මෙන්ඩිස්


34


13


​3/25


7.69

කෙවින් කොත්තිගොඩ



12


11


3/25


​7.45

මතීෂ පතිරණ


​5


4


​2/24


7.22

දුනිත් වෙල්ලාලගේ


3


3


2/32


​9.0


0 views0 comments