• Chathura Ramanayake

වනිදු පාකිස්තානයට විශාල තර්ජනයක් වේවි - ආකාෂ් චොප්රා


ආසියානු කුසලාන අවසන් මහා තරගය ආරම්භ වීමට ඇත්තේ තවත් පැය කිහිපයක් පමණි. අද පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග, පාකිස්තාන කණ්ඩායමට විශාල තර්ජනයක් වනු ඇති බවට හිටපු ඉන්දීය ක්‍රීඩක ආකාෂ් චොප්රා සදහන් කොට ඇත.



පාකිස්තාන කණ්ඩායම සමගින් පැවති සුපිරි කණ්ඩායම් හතර වටයේ තරගයේදී වනිදු හසරංග කඩුලු 3ක් දවාගැනීමට සමත් විය. පාකිස්තාන නායක බාබර් අසාම්, කුෂ්දිල් ශාහ් හා ඉෆ්තිකාර් අහමඩ් යන ක්‍රීඩකයන් තිදෙනා දවාගැනීමට වනිදු හසරංගට එම තරගයේදී හැකිවිය. ලකුණු 122ක ඉලක්කය හබායාමේදී පන්දු 3ක් තුළ ලකුණු 10ක් ලබාගනිමින් පිත්තෙන්ද පාකිස්තානයට එරෙහිව දස්කම් පාන්නට එදින වනිදුට හැකිවිය.


" වනිදු හසරංග පාකිස්තාන කණ්ඩායමට විශාල තර්ජනයක් වේවි. ඔහුගේ පාදගපන්දුව හා ගුග්ලි පන්දුව හමුවේ පාකිස්තාන පිතිකරණ පෙළගැස්ම බිදවැටේවි."

නැවුම් තණතීරුව වේගපන්දු යවන්නට සහයක් වන බැවින් පාකිස්තාන වේගපන්දු බලඇණිය ශ්‍රී ලංකා පිතිකරුවන්ට තර්ජනයක් විය හැකි බවද ආකාෂ් චොප්රා සදහන් කොට ඇත. තවද ශඩාබ් ඛාන් තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන දස්කම් ඇතැයි ද ආකාෂ් චොප්රා ප්‍රකාශ කොට ඇත.

" පාකිස්තාන වේගපන්දු යවන්නන් ඉතාම වේගවත්, ඒ වගේම ඔවුන්ට හොද ඉලිපීමක් ගන්න පුලුවන්. මේ අලුත් තණතීරුව ඔවුන්ට සහයක් වේවි. ශ්‍රී ලංකාවේ පිතිකරණය තරමක් අස්ථාවර නිසා එය ඔවුන්ට ගැටලුවක් වේවි."
" පාකිස්තාන කණ්ඩායම ඩිෆෙන්ඩ් කරනව නං මම ශඩාබ් ඛාන්ව තෝරගන්නවා. ඔහුට පිත්තෙන් ලකුණු රැස්කරන්න පුලුවන්. ඒ වගේම ඔහුගේ දගපන්දුවෙන් කඩුලු දවාගන්නත් පුලුවන්. ඇත්තටම මට දැනෙන දේ ඒකයි"

158 views0 comments