• Chathura Ramanayake

වනිදු තනිවම තරග දිනවීමට හැකි ක්‍රීඩකයෙක්. හිටපු නායකයෙකුගෙන් ප්‍රකාශයක් !!



15වන ආසියානු කුසලාන තරගාවලිය අරඹමින් ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගය අද දිනයේදී පැවැත්වීමට නියමිතය. තරගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිවුස් Gulf News වෙත අදහස් දක්වා ඇත. ශ්‍රී ලංකාව අවසන් වරට ආසියානු කුසලාන ශූරයන් ලෙසින් කිරුලු පැලැන්දුයේද ඇන්ජලෝ මැතිවුස්ගේ නායකත්වය යටතේය.


මෙම සාකච්ඡාවේදී ඇන්ජලෝ මැතිවුස් සදහන් කොට ඇත්තේ කුසල් මෙන්ඩිස් ඉනීම ආරම්භ කරනු දැකීමට තමාට අවශ්‍ය බවයි.

තම කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන ඒම වෙනුවෙන් කණ්ඩායමට නිසි දිරිගැන්වීමක් ලබා දීමට, ඉක්මන් ලකුණු ලබා ගැනීමේ දක්ෂතාවය භානුක රාජපක්ෂ සතු බව ඇන්ජලෝ මැතිවුස් විශ්වාසය පළකොට ඇත. ප්‍රහාරාත්මක පිතිකරුවන් නොමැති වුවද 2014 වසරේදී ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින් ලෝක ශූරතාවය දිනාගැනීමට හැකි වූයේ බුද්ධිමත්ව ක්‍රීඩා කිරීම නිසා බව මැතිවුස් සදහන් කොට ඇත.


ඔබ නිවැරදි පන්දු යවන්නන් තෝරාගෙන, ක්‍රීඩා පිටියේ හිඩැස් තෝරාගනිමින්, ලකුණු රැස්කළහොත් ඔබට දිනන්න පුලුවන්" යනුවෙන් මැතිවුස් සදහන් කොට ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවට තනිව තරග ජයග්‍රහණය කරවිය හැකි සුපිරි තරුවක් සිටින බවද මැතිව්ස් පැවසීය.


ඔහු සිය මංගල තරගයට සහභාගි වෙමින් කඩුලු ත්‍රිත්වයක් ලබාගන්නා ආකාරය මම දැක්කා. ඔහු ඔහුගේ අතිවිශිෂ්ට දක්ෂතා සහ ක්‍රිකට් පිටියේ ඔහුට කළ හැකි දේ පෙන්වලා තියෙනවා. ඔහු ඉතා විශ්වාසවන්ත ක්‍රීඩකයෙක් වන අතර පන්දුව නියම ස්ථානවලට පතිත කරනවා, ඒ වගේම ඔහු සතුව පන්දු සංකලනයන් තියෙනවා.මීළඟට පිතිකරුවා කරන්නේ කුමක්දැයි ඔහු දන්නවා. ඔහු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක්."

මහීෂ් තීක්ෂණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇන්ජලෝ මැතිවුස් සදහන් කොට සිටියේ මහීෂ් යනු අජන්ත මෙන්ඩිස් වැනිම ක්‍රීඩකයෙකු බවත් ඔහුට තවත් පන්දු සංකලනයන් යොදාගත හැකි නම් 2008 ආසියානු කුසලාන තරගාවලියේදී අජන්ත මෙන්ඩිස් ඉන්දීය ඉනීම විනාශ කළ අයුරින්ම මහීෂ්ටද කළ හැකි බවයි.


ශ්‍රී ලංකා නායක දසුන් ශානක සම්බන්ධයෙන් ද ඇන්ජලෝ මැතිවුස් මෙහිදී අදහස් දක්වමින් සදහන් කොට ඇත්තේ ශ්‍රී ලංකා නායකයා සුවිශේෂී ඉනීම් කිහිපයක් ක්‍රීඩා කොට ඇති බවයි. නමුත් ඔහු ස්ථාවර වීමට නම් ඔහුගේ නායකත්වය පිළිබඳ සිතුවිල්ල පසෙකින් තබා පිතිකරුවෙකු ලෙසින් සිතිය යුතු අතර නායකත්වයේ පීඩනය ඔහුට බලපෑමක් කිරීමට ඉඩ නොදිය යුතු බවද මැතිවුස් සදහන් කොට ඇත.

2,411 views0 comments