• Chathura Ramanayake

වනිදුට The Hundred තරගාවලිය අහිමි වෙයි !!!



ශ්‍රී ලංකා දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට එංගලන්තයේදී පැවැත්වෙන The Hundred තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී ඇත. ඒ තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර හිමිනොවීම හේතුවෙනි. මේ හේතුවෙන් මැන්චෙස්ටර් කණ්ඩායම සමගින් පැවති පවුම් 100000ක කොන්ත්‍රාත්තුව වනිදුට අහිමි වනු ඇත.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා ESPNcricinfo වෙත පැවසුවේ අගෝස්තු 27 වනදා ආරම්භ වන ආසියානු කුසලාන තරඟාවලියට සහ මේ වසරේ අග ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන T20 ලෝක කුසලාන තරඟාවලියට පෙර ඔහු ශාරීරිකව සහ මානසිකව නැවුම්ව සිටීමට අවශ්‍ය බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි.


ආසියානු කුසලාන තරගාවලිය එළඹෙන අගෝස්තු 27වනදා ආරම්භ වීමට නියමිත අතර ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය ඔක්තෝබර් මසදී ආරම්භ වීමට නියමිතය. වනිදු හසරංගගෙන් පුරප්පාඩු වන ස්ථානය වෙනුවෙන් දකුණු අප්‍රිකානු ක්‍රීඩක ට්‍රිස්ටන් ස්ටබ්ස් මෙම කණ්ඩායමට එක්වීමට නියමිත බවට විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත. ඔහු එංගලන්තයට එරෙහිව පැවති විස්සයි විස්ස තරගයකදී පන්දු 28ක් තුළ වේගවත් ලකුණු 72ක් රැස්කිරීමට සමත් විය.

0 views0 comments