• Chathura Ramanayake

වනිදුගෙන් ප්‍රවේසම් වන්න. මුරලි අනතුරු අගවයි


එළඹෙන මාසයේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානයට පෙර කණ්ඩායම්වලට අනතුරු ඇඟවීමක් කරමින් මුත්තයියා මුරලිදරන් කියා සිටියේ ඕස්ට්‍රේලියානු තණතීරුවලදී තර්ජනයක් විය හැකි බැවින් වනිඳු හසරංගගෙන් ප්‍රවේශම් විය යුතු බවයි. වනිදු හසරංග කඩුලු 9ක් දවාගනිමින් තම කණ්ඩායම ආසියානු කුසලාන ජයග්‍රහණය කරා රැගෙන ගිය අතර මුත්තයියා මුරලිදරන් පැවසුවේ විස්සයි20 ලෝක කුසලානයේදී වනිදු කෙරෙහි අවධානයෙන් පසුවිය යුතු බවයි.


ඔහු විශිෂ්ට විස්සයි විස්ස පන්දු යවන්නෙක්. පසුගිය වසර 2-3 තුළ ඔහු ඉතා හොඳින් දක්ෂතා දැක්වූවා. ඕස්ට්‍රේලියාවේ, අනිවාර්යයෙන්ම පිටදග පන්දු යවන්නන්ට වඩා පා දඟ පන්දු යවන්නන්ට අවස්ථාවක් ලැබෙනවා. ඔහුට එරෙහිව පන්දුවට පහර දීම ප්‍රතිවාදීන්ට අපහසු වෙයි. ප්‍රතිවාදීන් වනිදුගෙන් ගොඩක් පරිස්සම් වෙන්න ඕන.


පසුගිය වසර කිහිපය තුළ අපට ඉතා තරුණ කණ්ඩායමක් සිටියා. අපි ආසියානු කුසලානයේදී හොදින් ක්‍රීඩා කළා. ඔවුන් තරගාවලියේ හොඳම කණ්ඩායම ලෙස දිස් වූ අතර ආසියානු කුසලානය දිනා ගැනීමටත් සුදුස්සන් වුණා.

ඔවුන් ප්‍රබල නමුත් අවාසනාවකට වගේ ප්‍රධාන වටයට පිවිසීමට සුදුසුකම් ලැබීමේ තරඟ ක්‍රීඩා කිරීමට සිදුවෙනවා. පසුගිය වසර කිහිපය තුළ අපි හොඳින් ක්‍රීඩා කළේ නැත. නමුත් මේ මොහොතේ මම ඉතා විශ්වාසයෙන් ඉන්නවා. ලෝක කුසලානයේදීත් හොඳින් ක්‍රීඩා කරාවි.

2,189 views0 comments