• Chathura Ramanayake

ලොව හොඳම ක්‍රීඩකයින් කොන්ත්‍රාත් ගතකිරීමට IPL හිමිකරුවන් සැරසෙයි ?



IPL ෆ්‍රැන්චයිස් ක්‍රීඩකයින් මාස 12 ක කාලයක් සඳහා ගිවිසුම් ගත කිරීමට බලාපොරොත්තු වන බව කොල්කටා නයිට් රයිඩර්ස් හි ප්‍රධාන විධායක වෙන්කි මයිසූර් හෙළි කොට ඇත. මේ වන විට ලීග් තරගාවලි වෙනුවෙන් ක්‍රීඩකයන් ගිවිසුම් ගතවනුයේ අදාල තරගාවලිය පැවැත්වෙන කාල සීමාව තුළදී පමණි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කොල්කටා නයිට්‍රයිඩර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරණ ෂාරුක් ඛාන්, කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ට්‍රින්බැගෝ නයිට්‍රයිඩර්ස් කණ්ඩායමේ සමහිමිකාරීත්වය දරණ අතර ඇමරිකා එක්සත් ජනපද මේජර් ලීග් තරගාවලියට හා එක්සත් අරාබි එමීර් විස්සයි විස්ස ලීගයටද කණ්ඩායම් එක් කොට ඇත.


IPL තරගාවලියේ ත්ම ෆ්‍රැන්චයිස් කණ්ඩායම සමගින් යම් ක්‍රීඩකයන් ප්‍රමාණයක් ගිවිසුම්ගතව සිටියහොත් ඔවුන්ට අනිකුත්  ලීගවලද තම කණ්ඩායම් සඳහාද ක්‍රීඩා කළ  හැකි නම් එය ඔවුන්ගේ සන්නාමය වැඩිදියුණු කිරීමට සහ ලොව පුරා ඔවුන්ගේ රසික සංඛ්‍යාව තවදුරටත් වැඩි කිරීමට උපකාරී වනු ඇති බව වෙන්කි මයිසූර් සදහන් කොට ඇත.

මාස 12ක කොන්ත්‍රාත්තු පිරිනැමීම හමුවේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයන්හට වැඩි අවස්ථාවන් හිමි වන බව මයිසූර්ගේ අදහසයි.


"නිසැකවම එය අපගේ දැක්ම සහ අපගේ උපාය මාර්ගය වඩාත් ශක්තිමත් කිරීමට අපට අවස්ථාව ලබා දෙනු ඇත.  ගිවිසුම්ගත ක්‍රීඩකයින් X සංඛ්‍යාවක් අපට ලබා ගැනීමට හැකි වූවා නම් සහ ඔවුන් සියල්ලන්ම විවිධ ලීගවල භාවිතා කිරීමට හැකි වූයේ නම්, එය සිදු කළ හැකි බව මම සිතමි.  එය කවදා හෝ සිදුවනු ඇතැයි බලාපොරොත්තු වෙමු.  එහෙම වුණොත් මම පුදුම වෙන්නේ නැහැ"


ඉන්දීය ක්‍රිකට් ආයතනය මේ වන තෙක් සිය ගිවිසුම් ගත ක්‍රීඩකයන්ට වෙනත් රටවල ලීග් ක්‍රිකට් ඉසව් වෙනුවෙන් සහභාගී වීමට අවස්ථාව ලබා නොදෙයි. ඔවුන්ගේ විශ්‍රාමික ක්‍රීඩකයන් පමණක් විදෙස් ක්‍රිකට් ලීගයන්ට සහභාගී කරවීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය කටයුතු කරයි. කෙසේ වෙතත්, මයිසූර් හෙළි කළේ ඉන්දීය ක්‍රීඩකයින්ට රටින් පිටත T20 ලීගවල ක්‍රීඩා කිරීමට ඉඩ දීමේ කාර්‍ය BCCI සතු බවයි. KKR ප්‍රධාන විධායක නිලධාරියා පැවසුවේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන්නේ කුමක්ද යන්න සොයා බැලීමට BCCI කටයුතු කරමින් සිටින බවයි.


" මම හිතනවා ඉන්දීය ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් විවෘත මනසින් බලනවා කියලා. නමුත් ඔවුන් ඉන්දීය ක්‍රිකට් වලට හා ක්‍රීඩකයන්ට කළ යුතු හොදම දේ මොකක්ද කියල සොයා බැලිය යුතුයි.

0 views0 comments