• Chathura Ramanayake

ලොව අංක එකේ පන්දු යවන්නා නොමැති වීම වාසි සහගත බව Innocent Kaia පවසයි



සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන පිතිකරු Innocent Kaia සදහන් කොට ඇත්තේ ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්‍රා ලොව අංක එකේ පන්දු යවන්නා බවයි. බංග්ලාදේශයට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී විශිෂ්ඨ ශතකයක් රැස්කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට ඔහුට හැකිවිය.


ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වෙන එක්දින තරගාවලියේදී විශිෂ්ඨ දස්කම් දැක්වීම පිළිබඳව Innocent Kaia මේ දින වල දැඩි අවධානයෙන් පසුවෙයි. ඉන්දීය කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර එක්දින තරගාවලිය එළඹෙන අගෝස්තු මස 18,20 හා 22 යන දිනවලදී හරාරේ ක්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිතය.


සිම්බාබ්වේ තරග සංචාරය වෙනුවෙන් නම් කළ ඉන්දීය සංචිතයට ජස්ප්‍රිට් බුම්‍රා නොමැති වීම සිම්බාබ්වේ කණ්ඩායමට වාසි සහගත බව Kaia ප්‍රකාශ කොට ඇත.

" ජස්ප්‍රිට් බුම්‍රා නොමැති වීම සෑම විටම අපට විශාල වාසියක්. ඔහු තමයි ලෝකයේ අංක එකේ පන්දු යවන්නා. ඉතින්, ඇත්ත වශයෙන්ම, ඔහුට මුහුණ නොදීමට සිදුවීම අපට වාසියක්, ”


එමෙන්ම එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කළ ඉන්දීය සංචිතයෙන්ද ජස්ප්‍රිට් බුම්‍රා ඉවත් කොට ඇත්තේ ආබාධයකට ලක්වීම හේතුවෙනි. පසුගිය කාල සීමාව තුළදී සිම්බාබ්වේ කණ්ඩායම දැක්වූ දක්ෂතා පිළිබඳව විමසූ විට Kaia පහත අදහස් දක්වා ඇත.


" ඇත්තටම වෙනස් වෙලා තියෙන්නෙ මොනවද. එය මානසිකත්වය ගොඩනැගීමක්. ඩේවිඩ් හූටන් ප්‍රධාන පුහුණුකරු පැමිණි විට, ඔහු සෑම විටම අපට කීවේ අපට ඉගැන්වූයේ ධනාත්මක ක්‍රිකට් ක්‍රීඩා කළ යුතු බවයි අපි තවදුරටත් පහරවල් එල්ල කිරීමට බය වෙන්නේ නෑ. මේක අවශ්‍ය දේවල් වෙනස් වීමක් විතරයි. එය ඇත්තෙන්ම විශාල දෙයක් නොවෙයි."

122 views0 comments