• Shaminda Jayarathne

ලියොනල් මෙසී, රොනාල්ඩෝ ගේ ගෝල වාර්තාවක් අභිබවා යයි!

වර්තමාන කාලයේදී පාපන්දු ලොව රජුන් බවට පත්ව සෑම වාර්තාවක්ම පාහේ තමගේ නමට සටහන් කරගෙන සිටිනා මෙසී රොනාල්ඩෝ දෙපළ ඇතැම් අවස්ථා වලදී තම තමන්ගේ වාර්තාවන්ද අභිබවා යන අවස්ථා දක්නට ලැබුණා.


එලෙසින් පසුගියදා PSG සහ Lyon අතර පැවති තරඟයේදී මෙසී විසින් ගෝලයක් වාර්තා කර ගැනීමෙන් අනතුරුව ඔහු රොනාල්ඩෝ ව අභිබවා යෑමට සමත් වුණා. එහිදී ඔහු රොනාල්ඩෝ ව දඬුවම් පහර රහිත ගෝල වලින් පසු කර දැමීමද විශේෂත්වයක්.


ඔවුන් දෙපළගේ ගෝල වලින් දඬුවම් පහර ඉවත් කළ විටදී රොනාල්ඩෝ තරඟ 1130 කදී ගෝල 671 ක් වාර්තා කරගෙන සිටිනවා. ඔහුගේ එම ගෝල වාර්තාව අභිබවා ගිය ලියොනල් මෙසී තරඟ 985 කදී ගෝල 672ක් සටහන් කරගෙන තිබෙනවා. මෙවර තරඟවාරයේදී මෙසී ගෝල 5ක් හා ගෝල ලබා ගැනීමට සහාය වීම් 8ක් වාර්තා කරගෙන සිටිනවා. රොනාල්ඩෝ තවමත් වාර්තා කළේ එක ගෝලයක් පමණයි.

849 views0 comments